Sunday, May 11, 2025
Home » ඛනිජ තෙල් බලපත්‍ර නිකුත් කිරීමට අදාළ නව කොන්දේසි ගැසට් කෙරේ

ඛනිජ තෙල් බලපත්‍ර නිකුත් කිරීමට අදාළ නව කොන්දේසි ගැසට් කෙරේ

by chanaka
July 11, 2023 2:18 pm 0 comment

ඛනිජ තෙල් නිෂ්පාදන විශේෂ විධිවිධාන පනත යටතේ ‍ඛනිජ තෙල් නිෂ්පාදන බලපත්‍ර ලබාදීමට අදාළ නියෝග අමාත්‍ය කංචන විජේසේකර ගැසට් මඟින් ප්‍රකාශයට පත්කර ඇත.

එම අති විශේෂ ගැසට් පත්‍රය අනුව ඛනිජ තෙල් නිෂ්පාදන බලපත්‍රයක් ප්‍රදානය කිරීමේදී අමාත්‍යංශ ලේකම්වරයා වෙත බලය පැවරෙන කොන්දේසි කිහිපයක් ඉදිරිපත් කර තිබේ.

ඛනිජ තෙල් ආනයනය, අපනයනය, මෙරට තුළ විකිණීම, සැපයීම හෝ බෙදාහැරීම සඳහා අයදුම්කරුවෙකු ඉදිරිපත් වන්නේනම් සමාගම් පනත යටතේ ලියාපදිංචි ආයතනයක් වියයුතු අතර ආයෝජන මණ්ඩල නියෝගවලට අනුකූල විය යුතු බව ගැසට් පත්‍රයෙන් දැක්වේ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT