Home » තවත් ක්‍රිකට් සැණකෙළියක්

තවත් ක්‍රිකට් සැණකෙළියක්

by chanaka
July 11, 2023 1:34 pm 0 comment

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් පළමු වරට සංවිධාන කරනු ලබන ලංකා T10 ලීග් ක්‍රිකට් තරගාවලිය දෙසැම්බර් මස පැවැත්වීමට සැලසුම් කර තිබේ.

ඒ අනුව, දෙසැම්බර් 12 වැනිදා සිට 23 වැනිදා දක්වා තරගාවලිය පැවැත්වීමට නියමිතය.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඊයේ මේ බව නිල වශයෙන් නිවේදනය කළේය.

මීට පෙර ජුනි මාසයේදී පැවැත්වීමට සැලසුම් කර තිබූ ලංකා T10 ක්‍රිකට් තරගාවලිය, දෙසැම්බර් මාසය දක්වා කල් දමා තිබෙන්නේ, මෙරට ක්‍රිකට් ක්‍රීඩකයින්ට කාර්යබහුල තරග කාලසටහනක් පැවතීම හේතුවෙනි.

ඒ සඳහා මෙරට ප්‍රමුඛ පෙලේ ක්‍රීඩකයින් මෙන්ම, විදෙස් ක්‍රීඩකයින් ද සහභාගී වීමට නියමිත බව වාර්තා වේ.
තරගාවලියට පිරිමි කණ්ඩායම් 6 ක් සහ කාන්තා කණ්ඩායම් 4 ක් ඇතුළත්ය. එක් කණ්ඩායමකට ක්‍රීඩකයින් 16 දෙනෙකු ඇතුළත් වීමට නියමිතය.

එසේම ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණ කිහිපයක දිවා රාත්‍රී ලෙස තරග පැවැත්වීමට නියමිත බවද වාර්තාවේ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT