Home » ජුනි මාසයේ ICC ක්‍රිකට් ක්‍රීඩකයා වනිඳු හසරංග

ජුනි මාසයේ ICC ක්‍රිකට් ක්‍රීඩකයා වනිඳු හසරංග

by chanaka
July 11, 2023 7:16 pm 0 comment

ජුනි මාසය සඳහා වන ICC ක්‍රිකට් ක්‍රීඩකයා ලෙස ශ්‍රී ලංකා දඟ පන්දු යවන ක්‍රීඩක වනිඳු හසරංග තෝරාගෙන තිබේ.

ලෝක කුසලාන අවසන් තරගාවලියට සුදුසුකම් ලැබීමේ තරගාවලියේදී කඩුලු 22ක් ලබා ගනිමින් දැක්වූ දස්කම් හේතුවෙන් ඔහු මෙලෙස තෝරාගෙන ඇති බව සඳහන් වේ.

ඔස්ට්‍රේලියානු කණ්ඩායමේ ට්‍රැවිස් හෙඩ් සහ සිම්බාබ්වේ කණ්ඩායමේ ආරම්භක පිතිකරු ෂෝන් විලියම්ස් පරදවමින් 25 හැවිරිදි වනිඳු හසරංග එම සම්මානයට පාත්‍ර වී ඇති බව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය නිවේදනය කළේය.

“මෙම සම්මානය ගැන මම අතිශයින් සතුටු වන අතර, එය ශ්‍රී ලංකා ක්‍රිකට් සඳහා වැදගත් අවස්ථාවක් වන අතර, අපි ඉන්දියාවේ පැවති ක්‍රිකට් ලෝක කුසලානයට පිවිසීමෙන් පසුව, ICC මාසයේ පිරිමි ක්‍රීඩකයා ලෙස තේරී පත්වීම මට භාග්‍යයක් සහ ගෞරවයක්, ” යැයි හසරංග පැවසීය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT