Monday, May 20, 2024
Home » සංවර්ධන ලොතරැයි මණ්ඩල ක්‍රිකට් ශූරියෝ ලක් සියනෑ

සංවර්ධන ලොතරැයි මණ්ඩල ක්‍රිකට් ශූරියෝ ලක් සියනෑ

by sachintha
July 20, 2023 1:00 am 0 comment

සංවර්ධන ලොතරැයි මණ්ඩලය සංවිධාන කළ කාන්තා ක්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට ගම්පහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ සහිරා හර්ෂණී කරුණාරත්නගේ නායකත්වයෙන් තරග කළ ලක් සියනෑ කණ්ඩායම සමත් විය.

කොළඹ හයිඩ් පාර්ක් පිටියේ පැවති මේ තරගාවලියේ අනුශූරතාව බියගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලීය කණ්ඩායමට හිමි විය.

ජය සංකේත ප්‍රදානය සඳහා ගම්පහ දිස්ත්‍රික් ලේකම් සමන් දර්ශන පාඬිකෝරාල, සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සභාපති අජිත් නාරගල, ගම්පහ අතිරේක දිස්ත්‍රික් ලේකම් සුගත් කිත්සිරි, දොම්පේ ප්‍රාදේශීය ලේකම් එන්.ඒ.එස්. නිශ්ශංක ආරච්චි, ගම්පහ දිස්ත්‍රික් සැලසුම් අධ්‍යක්ෂිකා සමන්තා සේනානායක යන මහත්ම මහත්මීහු එක්ව සිටියහ.

ඡායාරූපය – ගම්පහ දිස්ත්‍රික් විශේෂ

ගම්පහ දිස්ත්‍රික් විශේෂ – සිසිල ගුණතිලක

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT