Home » ඔස්ට්‍රේලියා රියදුරු බලපත්‍රයට ප්‍රථමාධාර පුහුණුව අනිවාර්ය කිරීමේ යෝජනාවක්

ඔස්ට්‍රේලියා රියදුරු බලපත්‍රයට ප්‍රථමාධාර පුහුණුව අනිවාර්ය කිරීමේ යෝජනාවක්

by chanaka
August 14, 2023 3:12 pm 0 comment

ඔස්ට්‍රේලියානු රියදුරු බලපත්‍රය නිකුත් කිරීමේ එක් කොන්දේසියක් ලෙස ප්‍රථමාධාර පුහුණුවද අනිවාර්ය කිරීමේ යෝජනාවක් ඉදිරිපත් වී තිබේ.

ශාන්ත ජෝන් ගිලන් රථ සේවය විසින් එම අදහස ඉදිරිපත් කර ඇත.

පසුගිය වසර තුළ වැඩිම මාරක රිය අනතුරු වාර්තා වූ ක්වීන්ස්ලන්ඩ් හි ප්‍රාන්ත රජයට ඔවුන් දැනටමත් එම යෝජනාව ඉදිරිපත් කර අවසන් බව වාර්තා වේ.

රිය අනතුරු මරණවලින් සැළකිය යුතු සංඛ්‍යාවක් ප්‍රථමාධාර භාවිතයෙන් වළක්වාගත හැකි බවට විශ්වාස කෙරේ.

යුරෝපයේ රටවල් 10 ක රියදුරු බලපත්‍රය නිකුත් කිරීමේදී ප්‍රථමාධාර පාඨමාලාවක් හදාරා තිබීම අනිවාර්ය කොන්දේසියක් බවට ප්‍රකාශයට පත් කර තිබේ.

(මූලාශ්‍ර – auslankatv)

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT