Saturday, May 18, 2024
Home » නිරුවත් කාන්තා ඡායාරූප බද්ධ කර අන්තර්ජාලයට මුදාහළ තරුණයෙක් රිමාන්ඩ්

නිරුවත් කාන්තා ඡායාරූප බද්ධ කර අන්තර්ජාලයට මුදාහළ තරුණයෙක් රිමාන්ඩ්

by mahesh
August 25, 2023 1:00 am 0 comment
court-1

තරුණියන් පස්දෙනෙකුගේ ජායාරූපවලට නිරුවත් කාන්තා ඡායාරූප කොටස් බද්ධ කර අන්තර්ජාලයට මුදා හැර ඇති බව කියන සැකකාර ඡායාරූප ශිල්පියෙකු බවට සඳහන් පුද්ගලයෙකු සැප්තැම්බර් මස 06 වැනිදා දක්වා රිමාන්ඩ් භාරයේ රඳවා තැබීමට අත්තනගල්ල අංක 02 මහේස්ත්‍රාත් මංජුල කරුණාරත්න මහතා පෙරේදා (23) පස්වරුවේ නියෝග කළේය.

නිට්ටඹුව ප්‍රදේශයේ පදිංචි සඳුන් ලහිරු දිල්ෂාන් නැමැත්තෙකු එසේ රිමාන්ඩ් කැරිණි.

තරුණියන් පස්දෙනෙකුගේ ඡායාරූපවලට නිරුවත් කාන්තා ඡායාරූප බද්ධ කර අන්තර්ජාලයට මුදා හැර ඇති බව කියන සිද්ධියක් සම්බන්ධව නිට්ටඹුව පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශය මඟින් පරීක්ෂණ පවත්වා සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.

නිට්ටඹුව පොලිසියේ නඩු මෙහෙයුම් අංශයේ පොලිස් සැරයන් එච්.ආර්.ඇස්. කුමාර මහතා කරුණු දක්වමින් සැකකරු ඡායාරූප ශිල්පියෙකු වශයෙන් කටයුතු කරමින් සිටියදී තරුණියන් පස් දෙනෙකුගේ ඡායාරූපවලට නිරුවත් කාන්තා ඡායාරූප කොටස් බද්ධ කර අන්තර් ජාලයට මුදා හැර ඇති බවට ලද පැමිණිල්ලකට අනුව නිට්ටඹුව පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශය මඟින් පරීක්ෂණ පවත්වා අත්අඩංගුවට ගත් බව පවසා සිටියේය.

මොහු එම බද්ධ කරන ලද ඡායාරූප මොහුගේ ජංගම දුරකතනයක් මඟින් අන්තර් ජාලයට මුදා හැර ඇති බවත් පොලිස් සැරයන්වරයා පවසා සිටියේය.

එසේ අත්අඩංගුවට ගෙන ඇති එම ජංගම දුරකතනය මහේස්ත්‍රාත්වරයා අතට පත් කිරීමෙන් අනතුරුව මහේස්ත්‍රාත්වරයා එය පරීක්ෂා කර බලා එසේ සැකකරු රිමාන්ඩ් භාරයේ රඳවා තැබීමට නියෝග කළේය.

සැකකරු රාගම රෝහලේ මානසික වෛද්‍යවරයකු වෙත ඉදිරිපත් කර වෛද්‍ය පරීක්ෂණයකට භාජනය කර ඊළඟ දිනයේ ඒ පිළිබඳ වෛද්‍ය වාර්තාව අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට ද බන්ධනාගාර නිලධාරීන් හට නියෝග කැරිණි.

මෙම නඩුව නැවත කැඳවීම සැප්තැම්බර් මස 06 වනදාට කල් තැබිණ.

වේයන්ගොඩ විශේෂ වාර්තාකරු

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT