Monday, May 20, 2024
Home » බදුල්ලේ දමිළ පාසල් වෙනුවෙන් ‘පාර්ලිමේන්තු විදු පියස’ වැඩසටහන ක්‍රියාත්මක කෙරේ

බදුල්ලේ දමිළ පාසල් වෙනුවෙන් ‘පාර්ලිමේන්තු විදු පියස’ වැඩසටහන ක්‍රියාත්මක කෙරේ

by yasara
September 27, 2023 11:13 am 0 comment

බදුල්ල දිස්ත්‍රික්කයේ දමිල මාධ්‍ය පාසැල් 26ක ශිෂ්‍ය පාර්ලිමේන්තු සාමාජික ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ සහභාගීත්වයෙන් ‘පාර්ලිමේන්තු විදු පියස’ වැඩසටහනේ තවත් සුවිශේෂී වැඩමුළුවක් පසුගියදා බණ්ඩාරවෙල දමිල මධ්‍ය මහා විද්‍යාලීය ශ්‍රවණාගාරයේදී සාර්ථකව අවසන් කළ බව පාර්ලිමේන්තු මාධ්‍ය අංශය නිවේදනය කරයි.

ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුවේ මහජන සේවා අංශය විසින් ජාතික ප්‍රජාතන්ත්‍රවාදී ආයතනය (NDI) සමග එක්ව සංවිධානය කළ මෙම වැඩමුළුවේදී අනාගත තරුණ පුරවැසියන් ලෙස පාසැල් ප්‍රජාව පාර්ලිමේන්තුව සම්බන්ධයෙන් දැනුවත් විය යුතු තොරතුරු වඩාත් සරළව ඉදිරිපත් කෙරිණි.

විවිධ ප්‍රායෝගික අංගවලින් සමන්විත වැඩසටහන සදහා දරුවන් සහ ගුරුවරු සියලු දෙනා අතිශය උද්‍යෝගයෙන් යුතුව සම්බන්ධවී සිටින අයුරු දැකිය හැකි විය.

මෙම පාර්ලිමේන්තු විදු පියස වැඩසටහන සඳහා ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව නියෝජනය කරමින්, පරිපාලන අධ්‍යක්ෂ ජී තච්චනාරාණි සහ මහජන සේවා නිලධාරී පී. රුද්‍රකුමාර් යන මහත්ම මහත්මීහු පාර්ලිමේන්තු ක්‍රමවේදය සහ ප්‍රජාතන්ත්‍රවාදය සම්බන්ධව සිසුන් දැනුවත් කිරීම සදහා සම්පත් දායකයන් ලෙස සහභාගී වූහ.

මෙම වැඩසටහන පැවති බණ්ඩාරවෙල දමිල මධ්‍ය මහා විද්‍යාලීය ආදි ශිෂ්‍යාවක් ලෙස එම විදුහල් ඉතිහාසයේ විශ්ව විද්‍යාල වරම් ලැබූ පළමු ශිෂ්‍යයා බවට පත්වූ පාර්ලිමේන්තුවේ වත්මන් පරිපාලන අධ්‍යක්ෂ ජී තච්චනාරාණි මෙනවිය සදහා උපහාර පිදීමක් ද මෙහිදී සිදුවිය.

බණ්ඩාරවෙල දමිල මධ්‍ය මහා විද්‍යාල‍ීය විදුහල්පති කේ. චන්ද්‍රරාජා, බණ්ඩාරවෙල කලාප ගුරු උපදේශිකා දේවගී යන මහත්ම මහත්මීන්ද පාර්ලිමේන්තුවේ මාධ්‍ය කළමනාකාරිණි නිම්මි හාතියල්දෙණිය, මහජන සේවා නිලධාරිනි ඉෂාරා වික්‍රමසිංහ, මාධ්‍ය නිලධාරී මහේශ්වරන් ප්‍රසාත් සහ සෞම්‍ය ඒකනායක, මහජන සේවා සම්බන්ධීකාරක පියසිරි අමරසිංහ යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක්ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

වැඩසටහන අවසානයේදී ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව විසින් පැමිණි සියලු ආරාධිත පාසැල් පුස්තකාල සදහා ග්‍රන්ථ කට්ටල ප්‍රදානයක් ද සිදුවිය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT