Monday, May 20, 2024
Home » ශ්‍රී ලංකාව තුළ වසරකට ළමයින් සම්බන්ධ අපරාධ 5,000ක්

ශ්‍රී ලංකාව තුළ වසරකට ළමයින් සම්බන්ධ අපරාධ 5,000ක්

by chanaka
October 4, 2023 9:46 am 0 comment

වසරකට ශ්‍රී ලංකාව තුළ ළමයින් සම්බන්ධ අපරාධ සිදුවීම් දළ වශයෙන් 5,000කට ආසන්න සංඛ්‍යාවක් වාර්ථාවන බව බස්නාහිර පළාත භාර ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා කියා සිටියි.

2021 වර්ෂයේ දී ශ්‍රී ලංකාවේ ළමයින්ට එරෙහිව අපරාධ 5,306ක් ද, 2022 දී අපරාධ 5,404ක් සහ 2023 වර්ෂයේ ජුනි දක්වා කාලය තුළ 3,876ක් ද වාර්තා වී ඇත.

දේශබන්දු තෙන්නකෝන් මහතා මෙම තොරතුරු අනාවරණය කරන ලද්දේ ලෝක ළමා දිනයට සමගාමීව පසුගියදා(01) කොළඹ විහාර මහාදේවී පරිශ්‍රයේ පැවැති ළමා දින සැමරුම් වැඩසටහනකට එක්වෙමිනි.

මෙවර ලෝක ළමා දිනයේ තේමාව “සියල්ලටම වඩා දරුවන් වටී“ යන්නයි.

ලෝක ළමා ජනගහනය බිලියන 2.4ක්වන අතර ශ්‍රී ලංකාව ළමා ජනගහනය මිලියන 06කි.

ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා එහිදී තවදුරටත් කියා සිටියේ දරුවන්ට එරෙහිව පොලිස් ස්ථානයන් සඳහා වාර්තාවන ප්‍රධාන අපරාධ වැරදි ලෙස ළමයින් කෘරත්වයට පත් කිරීම, ළමයින්ට පහර දීම, තුවාල සිදු කිරීම, කායික හිංසා සිදු කිරීම සහ කා යික දඩුවම් ලබා දීම ආදී වැරදි හදුනාගෙන ඇති බවයි.

ජාතික ළමා දිනයට සමගාමීව පසුගිය ඉරිදා (ඔක්තෝබර් 01වැනිදා) කොළඹ විහාර මහා දේවී සතුටු උයන පරිශ්‍රයේ දී දරුවන් වෙනුවෙන් විශේෂ වැඩසටහන් රැසක් AN ENTERTAINMENT ආයතනයේ ප්‍රධානී අනිල් ප්‍රසන්ග මහතා විසින් සංවිධාන කර තිබුණි.

එහිදී දරුවන් වෙනුවෙන් ක්‍රියාත්මක විනෝද ක්‍රීඩා සඳහා කිසිදු අය කිරීමක් නොමැතිව ඔවුන්ට විනෝද වීමට අවස්ථාව ලබා දුන් අතර එදින දවස පුරා දරුවන් වෙනුවෙන් විචිත්‍රවත් ළමා වැඩසටහන් ක්‍රියාත්මක විය.

මේ සදහා බස්නාහිරි පළාත් රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ සභාපති සහ පුනරුත්ථාපන කාර්යංශයේ සභාපති ජනාධිපති නීතීඥ යූ. ආර්. ද සිල්වා මහතා, බස්නාහිර පළාත් අධ්‍යාපන, ක්‍රීඩා හා සංස්කෘතික අමාත්‍යංශයේ ලේකම් සිරිසෝම ලොකුවිතාන මහතා, ලංකාවේ ජනප්‍රියතම ශිෂ්‍යත්ව දේශකවරිය වන හයේශිකා ප්‍රනාන්දු ගුරුතුමිය ඇතුළු දිවයිනේ බොහෝ දිස්ත්‍රික්ක නියෝජනය කරමින් පාසල් සිසු සිසුවියන්, පෙරපාසල් දරුවන් සහ කලා නිකේතන දරුවන් සහභාගී වූහ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT