Monday, May 20, 2024
Home » බස් රථ දෙකක් මුහුණට මුහුණ ගැටෙයි – 06 ක් රෝහලට

බස් රථ දෙකක් මුහුණට මුහුණ ගැටෙයි – 06 ක් රෝහලට

by yasara
October 4, 2023 10:13 am 0 comment

කතරගම සිට කොළඹ බලා ධාවනයවූ ලංගම  බස් රථයක් සහ කොළඹ සිට ගාල්ල බලා ධාවනය වූ සුඛෝපභෝගී බස් රථයක්  බේරුවල මාගල්කන්ද ප්‍රදේශයේ දී ඊයේ ( 3) රාත්‍රි  මුහුණට මුහුණ ගැටී සිදුවූ රිය අනතුරකින් හය දෙනෙකු තුවාල ලබා රෝහල් ගතකර ඇති බව බේරුවල පොලිසිය පවසයි

මෙසේ රෝහල් ගතකර ඇත්තේ සුඛෝපභෝගී බස් රථයේ ගමන්ගත් හය දෙනෙකු බවත් , එහි රියදුරු ද තුවාල ලැබූවන් අතර සිටින බවත් පොලිසිය කීය.

ලංගම බස් රථය යතුරුපැදියකට ඉස්සර කර යාමට උත්සාහ කිරීමේදී ප්‍රතිවිරුද්ධ දිශාවෙන් පැමිණි සුඛෝපභෝගී බස් රථයේ ගැටී අනතුර සිදුව ඇති බවට මෙතෙක් කල පරීක්ෂණ වලදී තහවුරුව ඇති බව රථවාහන නිළධාරීන් පවසයි.

තුවාල කරුවන් කළුතර ශීක්ෂණ රෝහලට යොමුකර ඇති බවත් රෝහල් ප්‍රකාශකයෙක් පැවසීය.

ලංගම බස් රථ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර , කළුතර මහේස්ත්‍රාත් අධ්කරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබූණි .

 

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT