Monday, May 20, 2024
Home » පාර දෙපස ගස් ගැන ආරක්‍ෂක රාජ්‍ය ඇමතිගෙන් උපදෙස්

පාර දෙපස ගස් ගැන ආරක්‍ෂක රාජ්‍ය ඇමතිගෙන් උපදෙස්

by chanaka
October 6, 2023 11:38 am 0 comment

පවතින වැසිබර කාළගුණය හේතුවෙන් මාර්ග දෙපස කඩා වැටීමේ අවදානමක් පවතින විශාල ගස් පිළිබඳව වහාම අධ්‍යයනයක් කර මහජනතාවට තර්ජනයක් විය හැකි සෑම දෙයක්ම ඉවත්කරන ලෙස ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා විසින් පරිසර අධිකාරියේ, මාර්ග සංවර්ධන අධිකාරියේ සහ අදාළ පළාත් පාලන ආයතනයන්හි නිලධාරීන්ට උපදෙස් ලබා දෙයි.

එසේම මේ සමඟ සම්බන්ධීකරණයවී අවශ්‍ය පියවර ගන්නා ලෙස ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සහ ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ නිලධාරීන් හට ද අමාත්‍යවරයා උපදෙස් ලබාදී ඇත.

අද (06) පෙරවරුවේ කොල්ලුපිටියේදී බස් රථයක් මතට ගසක් කඩා වැටීමේ සිද්ධිය සම්බන්ධයෙන් රාජ්‍ය අමාත්‍යවරයා ප්‍රතිචාර දක්වමින් කඩිනම් ආපදා වැළැක්වීමේ පියවර ගන්නා ලෙසත්, කඩා වැටීමේඅවදානමක් ඇති මාර්ග දෙපස ගස් ඉවත් කරන ලෙසත් අදාළ නිලධාරීන් හට උපදෙස් ලබාදී තිබේ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT