Sunday, May 19, 2024
Home » සිරියාවේ හමුදා පාසලකට ඩ්‍රෝන ප්‍රහාරයක් – 100ක් මරුට

සිරියාවේ හමුදා පාසලකට ඩ්‍රෝන ප්‍රහාරයක් – 100ක් මරුට

by chanaka
October 6, 2023 11:14 am 0 comment

සිරියාවේ ”හෝම්ස්” නගරයේ පිහිටි හමුදා විද්‍යාලයකට එල්ල වූ ඩ්‍රෝන ප්‍රහාරයකින් පුද්ගලයින් සියදෙනෙකු මියගොස් තිබේ.

පුද්ගලයින් 240 දෙනෙකු පමණ තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තාවල සඳහන්ව ඇත.

මියගිය පුද්ගලයන් ගණන තවත් ඉහළ යා හැකි බව වාර්තා වේ. පුපුරණ ද්‍රව්‍ය සහිත ඩ්‍රෝන යානා ප්‍රහාරය සිදු කර ඇත්තේ, කැඩෙට් නිලධාරීන්ගේ පවුල්වල පිරිසකගේ සහභාගිත්වයෙන් පැවති උපාධි ප්‍රදානෝත්සවයක් ඉලක්ක කර ගෙන බව වාර්තාවේ.

සිද්ධියෙන් කාන්තාවන් හා ළමයින් පිරිසක්ද මියගොස් තිබේ.

උත්සවය අවසන් වීමත් සමග ශාලාවෙන් පිටතට පැමිණි පිරිස එළිමහන් භූමියේ එක්රැස්ව සිටි අවස්ථාවේ ඩ්‍රෝන ප්‍රහාරය එල්ල වූ බව සිරියානු සන්නද්ධ හමුදා ප්‍රධානියා පවසයි. එරට ආරක්ෂක අමාත්‍යවරයා ද උපාධි ප්‍රදානෝත්සවයට සහභාගි වී සිටි අතර, ප්‍රහාරයට මිනිත්තු කිහිපයකට පෙර ඔහු එම ස්ථානයෙන් පිටත්ව ගොස් ඇති බව වාර්තා වේ.

ඩ්‍රෝන ප්‍රහාරය එල්ල කර ඇත්තේ, හෝම්ස් නගරයට වයඹ දෙසින් විපක්ෂය පාලනය යටතේ පවතින ප්‍රදේශවලින් බවට විශ්වාස කෙරේ. ප්‍රහාරයේ වගකීම කිසිදු පාර්ශ්වයක් විසින් බාරගෙන නොමැත.

එක්සත් ජාතීන්ගේ මහ ලේකම් ඇන්ටෝනියෝ ගුටරේස් මෙම ප්‍රහාරය සම්බන්ධයෙන් සිය දැඩි ශෝකය පළ කර තිබේ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT