Saturday, May 3, 2025
Home » වාරි මාර්ගේ සැලසුම් ශිල්පියා ජලාශයට වැටී අතුරුදහන් වෙයි

වාරි මාර්ගේ සැලසුම් ශිල්පියා ජලාශයට වැටී අතුරුදහන් වෙයි

by yasara
October 11, 2023 11:50 am 0 comment

ඉඟිනිමිටිය ජලාශයේ වැව් තාවුල්ලේ සිදුකරන බව කියන අනවසර වගාවක්  සම්බන්ධයෙන්  සොයාබලා පරීක්ෂා කිරීමට තවත් කිහිප දෙනෙක් සමග එහි  ගොස් ඇති  ඉගිනිමිටිය  වාරිමාර්ග කාර්යාලයේ සේවය කරන සැලසුම් ශිල්පියෙක් එම ජලාශයේ ගිලී අතුරුදන්ව  ඇති බව  නවගත්තේගම  පොලිසිය  පවසයි.

ඊයේ 10 සවස එම ජලාශයේ ගිලී මෙසේ අතුරුදන් වී ඇත්තේ ඉගිනිමිටිය වාරිමාර්ග කාර්යාලයට අනුයුක්තව සේවය කරමින් සිටි ඩී.පී.සමීර සඳරුවන් ප්‍රේමසිරි (අවු.29) යන අයෙකි.

ඔහු කුරුණෑගල දෙමටගහපෑලැස්ස පදිංචි කරුවෙකි.

මෙම සැලසුම් ශිල්පියා අතුරුදන්වී ඇති බැවින් ඔහු ජලාශයට වැටී අතුරුදන්වෙන්නට ඇතැයි සිතා ඔහු සොයාගැනීමට  දැරූ සියලු  උත්සාහයන්ව්‍යවර්ථවී ඇති බවත් නවගත්තේගම පොලිසිය පවසයි.

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT