Home » ඊශ්‍රායල ගැටුම් වලදී මියගිය අනුලාගේ දේහය දිවයිනට

ඊශ්‍රායල ගැටුම් වලදී මියගිය අනුලාගේ දේහය දිවයිනට

by yasara
October 28, 2023 6:21 pm 0 comment

ඊශ්‍රායල – හමාස් යුධ ගැටුමේ දී මිය ගිය ශ්‍රී ලාංකික සාත්තු සේවිකා අනුලා ජයතිලක මැණිකේ මහත්මියගේ මෘත දේහය අද (28)  උදෑසන කටුනායක ගුවන් තොටුපොළ ගුවන් භාණ්ඩ පර්යන්තය වෙත එවා තිබුණි .

49 හැවිරිදි අනුලා ජයතිලක මහත්මිය ඊශ්‍රායලයේ එකම නිවසක දස වසරකට ආසන්න කාළයක් සාත්තු සේවිකාවක ලෙස සේවය කර තිබේ .

මෙම මෘත දේහය භාර ගැනීම සදහා අනුලා ජයතිලක මහත්මියගේ ස්වාමිපුරුෂයා , දුව ,පුතා සහ තවත් ඥාතීන් සහ ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ මාධ්‍ය ප්‍රකාශක සෙනරත් යාපා , ශ්‍රී ලංකාවේ ඊශ්‍රායල කොන්සල් ජනරාල් දිනේෂ් රිද්‍රිගු මහතා ඇතුළු පිරිසක් කටුනායක ගුවන් තොටුපොළ ගුවන් භාණ්ඩ පර්යන්තය වෙත පැමිණ සිටියහ .

මෙම මෘත දේහය ශ්‍රී ලංකාවට රැගෙන ඒමට , එහි අවසන් කටයුතු සිදු කිරීමට මෙන්ම මෙවැනි විපත් අවස්ථා වලදී පරිහරණය කිරීම සදහා ඊශ්‍රායලයේ විශේෂ අරමුදලක් ඇති අතර , එයින් මුදල් ප්‍රමාණයක් ද අනුලා ජයතිලක මහත්මිය වෙනුවෙන් එම පවුලට ලබා දීමට පියවර ගන්නා බව ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා කොන්සල් ජනරාල්වරයා පැවසීය .

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT