Sunday, May 19, 2024
Home » අල්ල නගර් ඉඩමක තිබී පරණ මෝටාර් උණ්ඩයක් සොයා ගනී

අල්ල නගර් ඉඩමක තිබී පරණ මෝටාර් උණ්ඩයක් සොයා ගනී

by sachintha
November 9, 2023 1:00 am 0 comment

මුතූර් පොලිස් වසමට අයත් තෝපූර් අල්ල නගර් ප්‍රදේශයේ ඉඩමක් ශුද්ධ කරමින් සිටි පිරිසකට පෙරේදා (07) පස්වරුවේ එහි වැටී තිබූ මෝටාර් උණ්ඩයක් දැක ඒ බව පොලිසියට දැනුම් දී තිබේ.

මල බැඳුණු පරණ මෙම මෝටාර් උණ්ඩය සම්බන්ධයෙන් ඉඩමේ අයිතිකරු වන එස්. එම්. රිෂ්වාන් නැමැත්තා පොලිසියට දැනුම් දීමෙන් පසු පොලිසිය පරීක්ෂණයක් ආරම්භ කර ඇත. මුතූර් මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කර පොලිස් විශේෂ කාර්යය බළකාය හරහා මෝටාර් උණ්ඩය නිෂ්ක්‍රීය කිරීමට පොලිසිය කටයුතු කරගෙන යයි.

ත්‍රිකුණාමලය විශේෂ ඒ. ටී. එම්. ගුණානන්ද

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT