Monday, May 20, 2024
Home » ක්‍රිකට් ක්‍රීඩාව ආශ්‍රිතව වංචා දූෂණ ඇතිවූයේ අද ඊයේ නොවේ

ක්‍රිකට් ක්‍රීඩාව ආශ්‍රිතව වංචා දූෂණ ඇතිවූයේ අද ඊයේ නොවේ

by mahesh
November 10, 2023 1:00 am 0 comment

ක්‍රිකට් ක්‍රීඩාව ආශ්‍රිතව වංචා දූෂණ ඇති වූයේ අද ඊයේ නොවන අතර, එය වසර 20ක පමණ ඉතිහාසයකට දිව යන බව මන්ත්‍රී මෛත්‍රීපාල සිරිසේන මහතා පාර්ලිමේන්තුවේ දී ඊයේ (09) පැවසීය.

අද රටේ හොරකම් නොවන තැනක් සොයා ගැනීමට අමාරු බවත් ක්‍රිකට් ක්‍රීඩාවේ පමණක් නොව රට පුරා අද වංචා දූෂණ සිදු වන බවත් ඒ මහතා ප්‍රකාශ කළේය.

ශ්‍රී ලංකා ක්‍රිකට් පාලක මණ්ඩලය ඉවත් විය යුතු බවට වන ඒකාබද්ධ යෝජනාව පිළිබඳ විවාදයට එක්වෙමින් ඒ මහතා මේ බව කියා සිටියේය.

ඒ මහතා මෙසේ ද පැවසුවේය.

කුමන ප්‍රශ්න තිබුණත් අද ශ්‍රී ලංකා, නවසීලන්තය ක්‍රිකට් ක්‍රීඩාවේදී ශ්‍රී ලංකාවට ජයග්‍රහණය ලැබේවායි කියලා මම ප්‍රාර්ථනා කරනවා. ක්‍රීඩාව කායික මානසික සුවය නංවන දෙයක්. පොලොන්නරුව ක්‍රිකට් සංගමයේ වසර 20ක් සභාපතිවරයාව මම සිටියා. ඒ නිසා මේ සම්බන්ධයෙන් මට යම් අවබෝධයක් තිබෙනවා. පොදුවේ ගත් විට රට පුරා වංචා දූෂණ තිබෙනවා. ඒවා නැති තැනක් හොයා ගන්න බැහැ. ක්‍රිකට් ක්‍රීඩාවේ දූෂණය අද ඊයේ ඇති වූ දෙයක් නොවෙයි. ඒකෙ දූෂණ මීට අවුරුදු විස්සකට වඩා එහාට දිව යනවා.

මේ අය මේ හොරකම් කරන සල්ලි යන්න ඕන පාසල්වල ක්‍රීඩකයන්ට. ක්‍රීඩාවලට. ක්‍රිකට්වලට බෝලයක් ගන්න බැරි පාසල් දරුවන් ඉන්නවා. මේ රටේ කුඩුකාරයන්, පාතාලකාරයන්, වංචාකාරයන් බිහිවෙලා තියෙන්නෙ සෑම අංශයකම හොරකමත් එක්ක. ක්‍රිකට් විතරක් නොවෙයි. සෑම අංශයකම දූෂණය නැති කළ යුතුයි. දක්ෂ ක්‍රීඩකයන් ගොඩක් බිහිවන්නේ ගමෙන්. වංචා දූෂණ වැළැක්වීමට නව නීති රටට අවශ්‍යයි. කරන හොරකම් දශක ගණනාවක් සිදු කර තිබෙනවා. පාසල් අධ්‍යාපනය වගේම දරුවන්ගේ ක්‍රීඩාව ද හැදිය යුතුයි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT