Saturday, May 18, 2024
Home » රාජ්‍ය සේවකයා තෘප්තිමත් කිරීමට ඔවුන්ට අවශ්‍ය පහසුකම් ලබා දිය යුතුයි

රාජ්‍ය සේවකයා තෘප්තිමත් කිරීමට ඔවුන්ට අවශ්‍ය පහසුකම් ලබා දිය යුතුයි

by mahesh
November 29, 2023 1:00 am 0 comment

රජයේ ක්‍රියාකාරකම් ජනතාව අතරට ගෙන යන රාජ්‍ය සේවකයන්ගේ සේවාව තෘප්තිමත් කිරීමට අවශ්‍ය පහසුකම් ඔවුන්ට ලබාදීමට රජය පියවර ගත යුතු යැයි පශු සම්පත් සංවර්ධන රාජ්‍ය ඇමැති ඩී.බී. හේරත් මහතා පාර්ලිමේන්තුවේ දී ඊයේ (28) පැවසීය.

දැනට රටේ පවතින ආර්ථික රටාව තුළ රාජ්‍ය සේවාව යම් තරමකින් හෝ තෘප්තිමත් කර පවත්වාගෙන යාමට රජය දරන වෑයම අගය කළ යුතු බව ද රාජ්‍ය ඇමැතිවරයා පැවැසුවේය.

රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ වැය ශීර්ෂ යටතේ පැවැති විවාදයට එක්වෙමින් රාජ්‍ය ඇමැතිවරයා මේ බව කියා සිටියේය.

රාජ්‍ය ඇමැතිවරයා මෙසේද පැවසුවේය. පළපුරුදු දේශපාලන නායකයකු විදියට දිනේෂ් අගමැතිතුමා මේ අමාත්‍යාංශය නිවැරදිව පවත්වාගෙන යාමට ලොකු වෙහසක් දරනවා. දිස්ත්‍රික්, ප්‍රාදේශීය ලේකම් කාර්යාල මහජනතාවට බද්ධ වන ආයතන. මිලියන 1.3ක් පමණ වන රාජ්‍ය සේවකයන් අත්දැකීම් සමඟ ස්වකීය රාජකාරිය ඉටු කරනවා. පළාත් සභාවේ මන්ත්‍රීවරුන් අද නැහැ. ආණ්ඩුකාරවරුන්ගේ නායකත්වය යටතේ ඒ ආයතන දැන් පවත්වාගෙන යනවා.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT