විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට අප්‍රිකානු කලාපයෙන් සුදුස්සන් තේරීම සඳහා පැවැත්වෙන තරගාවලියේදී සුපිරි ජයක් වාර්තා කිරීමට උගන්ඩාව සමත් විය.
මේ තරගාවලියේ 10 වැනි තරගයේදී උගන්ඩාව හමුවේ සිම්බාබ්වේ කණ්ඩායම කඩුලු 5කින් පරාජය පත් විය.
මේ තරගාවලියට එක්වන සිටින රටවල් 7 අතුරින් ටෙස්ට් තත්ත්වය හිමි එකම රට සිම්බාබ්වේ වන අතර, එබැවින් මේ ජය කැපී පෙනිණි. මේ තරගයේදී සිම්බාබ්වේ පිල පළමුව පන්දුවට පහර දෙමින් ලකුණු 136ක් රැස් කළ අතර, උගන්ඩාව ඕවර 19.1කදී ජයග්‍රාහී ඉලක්කය පසු කළේ කඩුලු 5ක් දැවී තිබියදීය.
සිම්බාබ්වේ පිල මේ තරගාවලියේදී නැමීබියාව හමුවේත් පරාජය වූ අතර, ඔවුන් තරග 4කින් ජය ගත්තේ රුවන්ඩාව සහ ටැන්සානියාවට එරෙහි තරග ජය ගනිමිනි.
මේ තරගාවලියේ ප්‍රසාද ලකුණු සටහනේ මුල් ස්ථාන 2 හිමි කර ගන්නා කණ්ඩායම් ලෝක කුසලාන තරගාවලියට එක් වන අතර, ඊයේ වන විට ඉන් එක් ස්ථානයක් වෙන් කර ගැනීමට නැමීබියාව සමත් වූයේ ක්‍රීඩා කළ තරග 5ම ජය ගනිමිනි. අනෙක් ස්ථානය වෙනුවෙන් උගන්ඩාව, කෙන්යාව සහ සිම්බාබ්වේ තරගයක නිරතව සිටී. මේ කණ්ඩායම් 3ටම තරග දෙක බැගින් ඉතිරිව තිබේ.