Home » බෙන්තොට නීතිඥ නි‍ෙවසක් බිඳ භාණ්ඩ හා මුදල් සොරකම් කළැයි 2ක් අත්අඩංගුවට

බෙන්තොට නීතිඥ නි‍ෙවසක් බිඳ භාණ්ඩ හා මුදල් සොරකම් කළැයි 2ක් අත්අඩංගුවට

by mahesh
December 22, 2023 1:00 am 0 comment

අලුත්ගම - තුසිත කුමාර ද සිල්වා

බෙන්තොට, රොබොල්හොඩ, පිහිටි බලපිටිය මහාධිකරණයේ හිටපු රජයේ අධිනීතිඥවරයාගේ දෙමහල් නි‍ෙවසේ පහත මහලයේ තිබූ ඒ මහතාට අයත් රුපියල් දෙලක්ෂ පහළොස්දහසක වටිනාකමින් යුත් ලැප්ටොප් පරිගණකයක් සහ මුදලින් රුපියල් තිස්හත්දහසක මුදලක් සොරකම් කර වසරක කාලයක් සැඟව සිටි සැකකරු හා එම භාණ්ඩ අඩු මුදලකට මිලදී ගෙන තිබූ සැකකරු ඇතුළු දෙදෙනා බෙන්තොට පොලිසිය මඟින් (20) අත්අඩංගුවට ගත් බව කියයි.

සිද්ධියට සම්බන්ධ ප්‍රධාන සැකකරු 2022.12.07 දින කොළඹ සිට දකුණු පළාතට ගමන් කරන දුර ගමන් බසයක මොරටුව ප්‍රදේශයෙන් රාත්‍රි දහයයි තිහට පමණ නැඟ බෙන්තොට කාහඹිලියා කන්ද හන්දියෙන් බැස එදින මධ්‍යම රාත්‍රි දොළහට පමණ එම මාර්ගයේ ටික දුරක් ගමන් කර සිටියදී දිස් වූ මෙම දෙමහල් නි‍ෙවසට පිටුපසින් ඇතුළු වී පහත මාලයේ පසුපස දොර විවෘත කර ඇතුළුවී පැය භාගයක් තුළදී මෙම සොරකම සිදු කර නැවතත් බෙන්තොට හන්දියට පැමිණ දකුණු පළාතෙන් පැමිණෙන කොළඹ දෙසට ගමන් කරන බස් රථයක නැඟ හිමිදිරිය වෙද්දි කොළඹ නගරයෙන් බැස තිබේ. දින කිහිපයකට පසුව අත්අඩංගුවේ පසුවන සැකකරු සොරකම් කර රැගෙන ගිය රුපියල් දෙලක්ෂ පහළොස්දහසක් වන ලැප්ටොප් පරිගණකය රුපියල් තිස්දහසක මුදලකට මොරටුව ප්‍රදේශයේ ගැනුම්කරුවෙකුට විකුණා ඇති බවත් ඔහු වෙනත් පුද්ගලයෙකුට මෙම පරිගණකය විකුණා පරිහරණය කිරීමේදී එහි මෘදුකාංග අංක ඔස්සේ දීර්ඝ ලෙස සිදු කළ පරීක්ෂණවලින් මෙම පරිගණකය පරිහරණය කරන තැනැත්තා ප්‍රථමයෙන් හඳුනාගෙන සොරකමේ සුල මල සොයා ගැනීමට බෙන්තොට පොලිසිය සමත්ව තිබේ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT