Home » පාස්කු ප්‍රහාර සිද්ධිය ගැන සාධාරණයක් ඉටු වන තෙක් රටේ ජනතාව බලා සිටිනවා

පාස්කු ප්‍රහාර සිද්ධිය ගැන සාධාරණයක් ඉටු වන තෙක් රටේ ජනතාව බලා සිටිනවා

by mahesh
April 25, 2024 1:00 am 0 comment

පාස්කු ප්‍රහාර සිද්ධිය සම්බන්ධයෙන් සාධාරණයක් ඉටු වන තෙක් රටේ සමස්ත ජනතාවම බලා සිටින බව සමගි ජනබලවේගයේ ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රි කාවින්ද ජයවර්ධන මහතා පාර්ලිමේන්තුවේ දී ඊයේ (24) පැවැසීය.

පාස්කු ප්‍රහාරය සිද්ධිය සම්බන්ධයෙන් පැවැති විවාදයට එක්වෙමින් මන්ත්‍රීවරයා මේ බව පැවැසීය.

මන්ත්‍රීවරයා මෙසේද පැවැසුවේය.

“විදේශිකයන් 40ක්, දරුවන් 45ක් පාස්කු ප්‍රහාරය නිසා මරණයට පත් වුණා. මේ ප්‍රහාරය පිළිබඳ කාරණා දෙකක් තිබෙනවා. නාලක ද සිල්වා කියන පොලිස් නිලධාරියා තමයි සහරාන් ගැන පරීක්ෂණ කළේ. නීතිපතිවරයාගෙන් උපදෙස් ගත්තේ නාලක ද සිල්වා. නාලක ද සිල්වා අත්අඩංගුවට ගැනීමත් සමඟ මේ පරීක්ෂණ අඩු වුණා. විදේශීය බුද්ධි අංශයක් මේ ප්‍රහාරය සම්බන්ධයෙන් දැනුම්වත් කළා. ගැලනිගමදී සොයා ගත් පුපුරන ද්‍රව්‍ය පරීක්ෂාවට සූදානම් වෙද්දීම දේශබන්දු තෙන්නකෝන් මහතා කතා කරලා එය පරික්ෂා නොකර මුදා හැරීමට කටයුතු කරනවා. මේවා ගැන කල්පනා කරන විට රාජ්‍ය බුද්ධි අංශ, හමුදා බුද්ධි අංශ ගළපා ගත්තේ නැහැ කියලා කියන්න බැහැ. පාස්කු ප්‍රහාර සිද්ධියේ පරීක්ෂණ සියයට 90ක් අවසන් කියනවා. නමුත් අපට නම් ඒ බවක් පේන්න නැහැ. පොලිස් පරීක්ෂක බණ්ඩාර මහතාට තමයි සොනික් සොනික් කියන්නේ.”

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT