Home » වැඩ කරන ජන­තා­වට කම්ක­රුවා කියා අම­තන අව­සන් වසර මේකයි

වැඩ කරන ජන­තා­වට කම්ක­රුවා කියා අම­තන අව­සන් වසර මේකයි

ඇමැති මනූෂ නානා­ය­ක්කාර

by Gayan Abeykoon
April 30, 2024 1:08 am 0 comment

ඉති­හා­සයේ නොති­බුණු  විශා­ලම මැයි දින රැලිය මෙවර පැවැ­ත්වී­මට හැකි­යාව ලැබෙන බවත් මේ වසරේ මේ රටේ වැඩ කරන ජන­තා­වට කම්ක­රුවා කියන ආම­න්ත්‍ර­ණය නතර කරන බවත් කම්කරු හා විදේශ රැකියා ඇමැති මනූෂ නානා­ය­ක්කාර මහතා  පෙරේදා (27)  ප්‍රකාශ කළේය.

ඒ මහතා මේ බව පැව­සුවේ පෙරේදා (28) සිරි­කොත පක්ෂ මූල­ස්ථා­නයේ පැවති මාධ්‍ය හමු­වට එක්වෙ­මිනි.

එහිදී වැඩි­දු­ර­ටත් ඇමැති මනූෂ නානා­ය­ක්කාර මහතා මෙසේද පැව­සීය.

යාප­නයේ සිට මාතර හම්බ­න්තොට ආදී සිය­ලුම දිස්ත්‍රි­ක්ක­ව­ලින් ජන­තාව බස්ව­ලින් කොළ­ඹට එන්න සැල­සුම් කර තිබෙ­නවා. ඒ වගේම පෞද්ග­ලි­ක­වත් ජන­තාව පස්වරු දෙකට එජා­පයේ මැයි දින­යට සහ­භාගි වෙන්න තීර­ණය කර තිබෙ­නවා. ඉති­හා­සයේ නොති­බුණු  විශා­ල­තම මැයි දින රැලිය පැවැ­ත්වී­මට අපට හැකි­යාව ලැබෙ­නවා. ඒ වගේම රටේ වැඩ කරන ජන­තා­වට කම්ක­රුවා කියා ආම­න්ත්‍ර­ණය කරන අව­සන් වසර මෙය බව අපි සඳ­හන් කළ යුතුයි. දමිළ කම්ක­රු­වන් මේ රටට පැමිණි දා සිටම විවිධ අණ පනත් කම්කරු නීති­රීති මේ රටේ සම්මත වුණා. පසු­ගිය මැයි දින­යේදී අපි ජනා­ධි­ප­තිගේ අව­ස­ර­යත් එක්ක අලුත් පන­තක් ගෙන එන්න තීර­ණය කළා. ඒ පනත එන්නේ කම්කරු පන­තක් ලෙස නොවෙයි, රැකී­රක්ෂා පන­තක් ලෙසයි. ඒ තුළදී වෙනස් ආකා­ර­යක නීති­රී­ති­ව­ලින් රැකී රක්ෂා කරන පිරිස ආරක්ෂා කර­ගන්න අපි පිය­වර ගන්නවා කියන එක මතක් කළ යුතුයි. ඒ අනුව ස්මාර්ට් ශ්‍රමි­ක­යෙක් බිහි­ක­රන වැඩ­පි­ළි­වෙ­ළක් ක්‍රියා­ත්මක වෙනවා. කම්කරු අමා­ත්‍යාං­ශ­යත් රැකී­රක්ෂා අමා­ත්‍යාං­ශය බවට පත්වී­මට නිය­මි­තයි. ඒ වගේම මේ රැකී­රක්ෂා පන­තින් ව්‍යව­සා­ය­ක­ත්ව­යට මුල් තැන දෙන ආයෝ­ජ­නය කිරීම පහසු කරන ආකා­ර­යට  නීති රීති අණ පන­ත්ව­ලින් සම­න්වි­තයි කියන එක මම මතක් කරන්න අව­ශ්‍යයි.

සමගි ජන බල­වේ­ගයේ ඉන්න බොහෝ පිරි­සක් එජා­පයේ මූල­ය­න්ගෙන් පැවත එන කට්ටි­යක්. නම වෙනස් වුණා ඔවුන් යම්කිසි ආකා­ර­ය­කට එජා­ප­යෙන් වෙන්වෙලා යන වෙලාවේ. නමුත් ඔවුන්ගේ අද­හස් ඒ ආර්ථික දර්ශ­නය සිය­ල්ලක්ම එජා­ප­යේම  විදි­යට තමයි අපට හඳු­න්වන්න පුළු­වන්. නමුත් ඒක පසු­කා­ලී­නව වෙනස් වෙනවා. පොදු­ජන පෙර­මුණේ සහ ගෝඨා­භය රාජ­පක්ෂ ජනා­ධි­ප­ති­ව­රයා දින­වන්න ඉදි­රි­පත් වුණු වියත් මඟ වැනි සංවි­ධා­න­වල පිරි­සක් ඇවිත් සමගි ජන බල­වේ­ගයේ අද­හස් වෙනස් කර, ඔවුන්ගේ මත­වාද ආකල්ප වෙනස් කර, සමගි ජන බල­වේ­ගය එජා­ප­යෙන් වෙනස් පක්ෂ­යක් බවට පත්කර තිබෙ­නවා. ඒ නිසා සමගි ජන බල­වේ­ගයේ ඉන්න එජා පාක්ෂි­ක­යන්  එක්සත් ජාතික පක්ෂ­යට එකතු වෙනවා. අපි රට වටේම යනවා. දිස්ත්‍රික්ක මට්ට­මෙන් ප්‍රාදේ­ශී­යව සමගි ජන බල­වේ­ගයේ පිරිස් එක්සත් ජාතික පක්ෂ­යට නැව­තත් එකතු වෙමින් ඉන්නවා. යථා­ර්ථය ඒක තමයි. ඒක පුදු­ම­යක් නොවෙයි.

නෙත්මි පූජනී රත්නා­යක සහ මැද කොළඹ සමූහ ආරි­ය­රත්න ගනේ­ගොඩ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT