Home » අපේ රටේ ඉති­හා­සයේ ගමන් මඟ වෙනස් කිරී­මට මාර්ග සංව­ර්ධන අධි­කා­රිය කට­යුතු කර තිබෙ­නවා

අපේ රටේ ඉති­හා­සයේ ගමන් මඟ වෙනස් කිරී­මට මාර්ග සංව­ර්ධන අධි­කා­රිය කට­යුතු කර තිබෙ­නවා

ඇමැති ආචාර්ය බන්දුල ගුණ­ව­ර්ධන

by Gayan Abeykoon
April 30, 2024 1:09 am 0 comment

සහස්යා ඉන්වෙ­ස්ට්මන්ට් සමා­ගමේ ප්‍රධාන කාර්යා­ලය මහා­මාර්ග අමා­ත්‍යාං­ශ­යට අයත් ගොඩ­නැ­ඟිලි පරි­ශ්‍රය තුළ විවෘත කිරීම මෙහෙ­යුම් කට­යු­තු­ව­ලට වඩාත් පහ­සු­වක් වනු ඇතැයි ප්‍රවා­හන මහා­මාර්ග හා ජන­මාධ්‍ය ඇමැති ආචාර්ය බන්දුල ගුණ­ව­ර්ධන මහතා පැව­සීය.

ප්‍රවා­හන හා මහා­මාර්ග අමා­ත්‍යාං­ශය යටතේ ක්‍රියා­ත්මක අධි­වේගී මාර්ග ජාලය කළ­ම­නා­ක­ර­ණය කිරීම සඳහා පිහි­ටු­වන ලද සහස්යා ඉන්වෙ­ස්ට්මන්ට් ආය­ත­නයේ ප්‍රධාන කාර්යා­ලය බත්ත­ර­මුල්ල කොස්වත්ත පිහිටි ‘මඟ නැඟුම මහ මැදුර’ පරි­ශ්‍ර­යෙහි හත්වැනි මහ­ලෙහි ස්ථාපිත කර විවෘත කිරීම ඇමැ­ති­ව­ර­යාගේ ප්‍රධා­න­ත්ව­යෙන් සිදු කෙරුණු අතර එහිදී ඇමැ­ති­ව­රයා මේ බව පැව­සීය.

මාර්ග සංව­ර්ධන අධි­කා­රිය සතු අධි­වේගී මාර්ග පද්ධ­තිය සහ එහි වත්කම් ඉදි­රි­යේදී සහස්යා ඉන්වෙ­ස්මන්ට් සමා­ගම යට­තට පත් කිරී­මට නිය­මිත අතර පූර්ණ රාජ්‍ය ආය­ත­න­යක් ලෙස එහි මෙහෙ­යුම් කට­යුතු ක්‍රියා­ත්මක වනු ඇත.

මෙහිදී අද­හස් දැක්වූ ඇමැ­ති­ව­රයා මෙසේද පැව­සීය.

අපේ රටේ ඉති­හා­සයේ ගමන් මඟ වෙනස් කර­මින් මාර්ග සංව­ර්ධන අධි­කා­රිය දීර්ඝ කාල­යක් තිස්සේ මෙරට අධි­වේගී මාර්ග පද්ධ­තිය ඉදි­කර නඩත්තු කර පව­ත්වා­ගෙන යෑමේ කාර්ය­භා­රය ඉටු කරනු ලැබුවා. නමුත් මතුව තිබෙන තත්ත්වය තුළ මාර්ග සංව­ර්ධන අධි­කා­රියේ ශේෂ පත්‍රය ප්‍රති­ව්‍යු­හ­ග­ත­ක­ර­ණය සඳහා වන ජාතික වැඩ­ස­ට­හන යටතේ අධි­වේගී මාර්ග පද්ධ­තිය මාර්ග සංව­ර්ධන අධි­කා­රි­යෙන් වෙන්කර 100% රජය සතු ආය­ත­න­යක් ලෙස සහස්යා ඉන්වෙ­ස්මන්ට් සමා­ගම තුළින් වාණි­ජ­මය වශ­යෙන් වඩාත් ඵල­දායි සහ කාර්ය­ක්ෂම සේවා­වක් ලබා­දීම සඳහා මුදල් අමා­ත්‍යාං­ශය ඇතුළු රාජ්‍ය ප්‍රති­පත්ති සම්පා­ද­ක­යන් කට­යුතු කර තිබෙ­නවා.100% රජය සතු, මුදල් අමා­ත්‍යාං­ශය යටතේ ක්ෂණි­කව ව්‍යාපා­රික තීන්දු තීර­ණ­ව­ලට එළ­ඹීමේ ශක්‍ය­තා­ව­යෙන් යුතු සමා­ග­මක් ලෙස සහස්යා ඉන්වෙ­ස්ට්මන්ට් සමා­ගම ස්ථාපිත කර තිබෙ­නවා. එහි සභා­ප­ති­ව­රයා ලෙස කට­යුතු කරනු ලබන්නේ ප්‍රවා­හන හා මහා­මාර්ග අමා­ත්‍යාං­ශයේ ලේක­ම්ව­ර­යායි. එහි ප්‍රධාන මෙහෙ­යුම් නිල­ධාරි ලෙස කට­යුතු කර­න්නේද මාර්ග සංව­ර්ධන අධි­කා­රියේ දශක දෙක­කට අධික කාල­යක් පළ­පු­රුදු සහිත ජ්‍යෙෂ්ඨ ඉංජි­නේ­රු­වෙක්. මුදල් අමා­ත්‍යාං­ශය සහ අනෙ­කුත් රාජ්‍ය ආය­තන නියෝ­ජ­නය වන අධ්‍යක්ෂ මණ්ඩ­ල­යක් ඊට පත්කර තිබෙ­නවා. පව­තින අධි­වේගී මාර්ග පද්ධ­තිය පව­ත්වා­ගෙන යෑම, තව­දු­ර­ටත් සංව­ර්ධ­නය සඳහා වන උපා­ය­මා­ර්ගික ක්‍රම­වේද තීර­ණය කිරීම, පිරි­වැය අවම කර ගැනීම සඳහා නවීන තාක්ෂ­ණික ක්‍රම­වේ­ද­යන් උප­යෝගී කර ගැනී­මත් ඒ තුළින් ඵල­දායි සහ කාර්ය­ක්ෂම අධි­වේගී මාර්ග පද්ධ­ති­යක් කරා රට යොමු කිරීම මෙහි ප්‍රධාන පර­මා­ර්ථ­යයි.

ඒ වෙනු­වෙන් සහස්යා ඉන්වෙ­ස්ට්මන්ට් සමා­ගමේ ප්‍රධාන කාර්යා­ලය මහා මාර්ග අමා­ත්‍යාං­ශ­යට අයත් ගොඩ­නැ­ඟිලි පරි­ශ්‍රය තුළ විවෘත කිරීම මෙහෙ­යුම් කට­යු­තු­ව­ලට වඩාත් පහ­සු­වක් වනු ඇති.

අධි­වේගී මාර්ග පද්ධ­තිය වෙනු­වෙන් දැනට ගෙවී­මට නිය­මි­තව පව­තින බිලි­යන 860කට අධික ණය ප්‍රමා­ණය ගෙවා දැමීම සඳහා වාණි­ජ­මය වශ­යෙන් ඵල­දායි ලෙස පව­තින වත්කම් වඩාත් ප්‍රශස්ත ලෙස කළ­ම­නා­ක­ර­ණයේ දැඩි අව­ශ්‍ය­තා­ව­යක් පව­ති­නවා. නමුත් සාම්ප්‍ර­දා­යික රාජ්‍ය ආය­තන ව්‍යුහය තුළ එම අව­ශ්‍ය­තා­වය ඉටු කිරීම අප­හසු බැවින් වඩාත් ඵල­දායි ලෙස තීරණ ගත හැකි රාජ්‍ය සමා­ග­මක් ලෙස මේ ආය­ත­නය ක්‍රියා­ත්මක වනු ඇති. එලෙස කට­යුතු කිරීම තුළින් රටට බරක් නොවන, රටට සම්ප­තක් වන අධි­වේගී මාර්ග පද්ධ­ති­යක් පව­ත්වා­ගෙන යා හැකි­වනු ඇත.

ප්‍රවා­හන හා මහා­මාර්ග අමා­ත්‍යාංශ ලේකම් රංජිත් ගංගා­නාත් රූබ­සිංහ, ප්‍රධාන මෙහෙ­යුම් නිල­ධාරී ජ්‍යෙෂ්ඨ ඉංජි­නේරු කේ. ඩබ්ලිව්. කණ්ඩම්බි, ප්‍රධාන මූල්‍ය නිල­ධාරී පී. ආර්.බී. සුමං­ගලී, මාර්ග සංව­ර්ධන අධි­කා­රියේ සභා­පති චමින්ද අතු­ලු­වගේ, අධ්‍යක්ෂ ජන­රාල් ප්‍රියන්ත සූරිය බණ්ඩාර මහත්ම මහ­ත්මින් ඇතුළු, සහස්යා ඉන්වෙ­ස්ට්මන්ට් සමා­ගමේ අධ්‍යක්ෂ මණ්ඩල සාමා­ජි­ක­යන්, ප්‍රවා­හන හා මහා­මාර්ග අමා­ත්‍යාං­ශය යටතේ ක්‍රියා­ත්මක ආය­ත­න­වල ප්‍රධා­නීන් මෙම අව­ස්ථා­වට එක්ව සිටි­යහ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT