Home » ‘ලංකා පාපන්දු කුස­ලාන‘ තර­ගා­ව­ලිය මැයි 4දා සිට

‘ලංකා පාපන්දු කුස­ලාන‘ තර­ගා­ව­ලිය මැයි 4දා සිට

by Gayan Abeykoon
April 30, 2024 1:10 am 0 comment
යාප­නය පිලේ පුහු­ණු­කරු රත්නම් ජස්මින්, කොළඹ පුහු­ණු­කරු මොහො­මඩ් හසන් රූමි, කලු­තර පුහු­ණු­කරු මොහො­මඩ් රමීස්, මීග­මුව පුහු­ණු­කරු චතුර ගුණ­රත්න, මහ­නු­වර පුහු­ණු­කරු අෂ්ෆාක් අහ­මඩ්, මධ්‍යම පුහු­ණු­කරු රවුමි මොහි­දීන්, නැඟෙ­න­හිර පුහු­ණු­කරු මොහි­දීන් හා ගාල්ල පුහු­ණු­කරු චන්න එදිරි බන්ඩ­නගේ යන මහ­ත්වරු ශ්‍රී ලංකා ස්පෝට්ස් ගෘෘප් පුද්ග­ලික සමා­ගමේ නිර්මාතෘ එක්ස්පෝ ලංකා කළ­ම­නා­කාර අධ්‍යක්ෂ සායිෆ් යූසුප් මහතා සමඟ.

ශ්‍රී ලංකා ස්පෝට්ස් ගෘෘප් පුද්ග­ලික සමා­ගම සංවි­ධා­නය කරන ‘ලංකා පාපන්දු කුස­ලාන‘ තර­ගා­ව­ලිය මැයි මස 4 වැනිදා කොළඹ සිටි­ලීග් පිටි­යේදී ආරම්භ වෙයි. යාප­නය, කොළඹ, කලු­තර, මීග­මුව, මහ­නු­වර, මධ්‍යම, නැඟෙ­න­හිර හා ගාල්ල යන පාපන්දු ක්‍රීඩා සමාජ 8ක් මෙම තර­ගා­ව­ලි­යට එක්වෙති. මෙම කණ්ඩා­ය­ම්ව­ලට ජාතික පිල නියෝ­ජ­නය කළ හෝ නොකළ ඕනෑම ක්‍රීඩ­ක­යෙ­කුට සහ­භා­ගී­විය හැකි­වීම විශේ­ෂ­ත්ව­යකි.

ජය­ග්‍රාහී කණ්ඩා­ය­මට රුපි­යල් මිලි­ය­න­යක් හා අනු­ශූර කණ්ඩා­ය­මට රුපි­යල් ලක්ෂ 5ක් පිරි­න­මන මෙම තර­ගා­ව­ලිය කොළඹ පාපන්දු සමා­ජයේ නිර්මාතෘ හා එක්ස්පෝ ලංකා කළ­ම­නා­කාර අධ්‍යක්ෂ සායිෆ් යූසුප් මහ­තාගේ සංක­ල්ප­යක් අනුව සංවි­ධා­නය වේ. පාපන්දු තරග මේ කාල­යේදී ශ්‍රී ලංකාවේ ඉතාම අවම තත්ත්ව­යක පව­තින බැවින් ක්‍රීඩාව ප්‍රව­ර්ධ­නය උදෙසා මෙම තර­ගා­ව­ලිය සංවි­ධා­නය කරන බව සායිෆ් යූසුප් මහතා ඊයේ කොළ­ඹදී පැවැති මාධ්‍ය හමු­ව­කදී පැවැ­සීය.

මැයි 4 දා සිට සෑම සති අන්ත දින දෙක­ක­දීම කොළඹ සිටි­ලීග් පිටි­යේදී තරග දෙක බැගින් පැවැ­ත්වෙන අතර, අව­සන් මහා තර­ගය මැයි මස 18 වැනිදා පැවැ­ත්වී­මට කට­යුතු සංවි­ධා­නය කොට තිබේ.

අන්ත­ර්ජා­තික පාපන්දු සම්මේ­ල­නයේ නීති­රීති අනුව මෙම තර­ගා­ව­ලිය පැවැ­ත්වී­මට කට­යුතු යොදා ඇති අතර, තරග කමිටු ලේකම් ලෙස ප්‍රේම­දාස මහතා කට­යුතු කරයි.

 

ප්රින්ස් ගුණ­සේ­කර

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT