Thursday, May 16, 2024
Home » ප්‍රවීණ සංගී­ත­ඥ ප්‍රේම­දාස මුදු­න්කො­ටුව අභා­ව­ප්‍රාප්ත වෙයි

ප්‍රවීණ සංගී­ත­ඥ ප්‍රේම­දාස මුදු­න්කො­ටුව අභා­ව­ප්‍රාප්ත වෙයි

by Gayan Abeykoon
April 30, 2024 1:10 am 0 comment

ප්‍රවීණ ගායන ශිල්පිණී සමිතා මුදු­න්කො­ටුව මහ­ත්මි­යගේ පියා වන ජ්‍යෙෂ්ඨ සංගී­ත­ඥ­යෙක් මෙන්ම සංගීත ආචා­ර්ය­ව­ර­යෙක් වූ ආචාර්ය ප්‍රේම­දාස මුදු­න්කො­ටුව මහතා අභා­ව­ප්‍රාප්ත විය.

වර්ෂ 1933 ඔක්තෝ­බර් මස 06වැනි දින අවි­ස්සා­වේල්ල කොස්ගම ප්‍රදේ­ශයේ උපත ලබා ඇති ඒ මහතා මිය­යන විට  91 හැවි­රිදි වියේ පසු විය.  ඒ මහතා කො/ කන­ම්පැල්ල මහා විද්‍ය­ල­යේත්, කො/කොස්ගම සුමේද විද්‍යා­ල­යේත් මූලික අධ්‍යා­ප­නය ලැබු­යේය. හොරණ ශ්‍රීපාලි විද්‍යා­ල­යෙන් උසස් අධ්‍යා­ප­නය ලැබූ මුදු­න්කො­ටුව මහතා 1957 වර්ෂයේ සංගීත උප­දේ­ශ­ක­ව­ර­යකු ලෙස තම සංගීත සේවාව ආරම්භ කළේය. සංගීත ක්ෂේත්‍ර­යට සිදු කළ සේවය අග­ය­මින්  සංගීත අධ්‍යා­ප­නය සඳහා වූ රාජ්‍ය සම්මා­නය  ඇතුළු සම්මාන රැස­කින් පිදුම් ලබා තිබේ.

පෙර­දිග සංගී­තය පිළි­බඳ හසල දැනුම් සම්භා­ර­යක් ඇති එතු­මන් විද්‍යා­ර්ථ­යන්ගේ දැනුම සඳහා සංගී­තය පිළි­බඳ සිංහල හා ඉංග්‍රීසි භාෂා දෙකෙන්ම කෘති මාලා­වක් සකස් කළේය. 1997 දී සම්භාව්‍ය සංගීත ප්‍රවේ­ශිකා නමින් කෘති­යක්ද, සම්භාව්‍ය සංගීත ප්‍රථම, සම්භාව්‍ය සංගීත ඩිප්ලෝමා, විශා­රද තබ්ලා පරි­චය සිංහල හා ඉංග්‍රීසි,  ආදි වශ­යෙන් කෘති මාලා­වක් සංගීත ප්‍රේමීන් වෙනු­වෙන්ම ලේඛ­නය කළේය. සංගී­තා­චා­ර්ය­ව­ර­යෙක්,  සම්භාව්‍ය සංගී­ත­ඥ­යෙක්,   සංගීත උප­දේ­ශ­ක­ව­ර­යෙක් සහ කථි­කා­චා­ර්ය­ව­ර­යෙක් ලෙසද ප්‍රේම­දාස මුදු­න්කො­ටුව මහතා කට­යුතු කර ඇත. ඒ මහ­තාගේ දේහය පිළි­බඳ අව­සන් කට­යුතු පසුව දැනුම් දෙනු ලැබේ.

රක්ෂණ ශ්රියන්ත

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT