Thursday, May 16, 2024
Home » ආසියා රග්බි සටන් අද කොළ­ඹදී ඇරැඹේ

ආසියා රග්බි සටන් අද කොළ­ඹදී ඇරැඹේ

by Gayan Abeykoon
April 30, 2024 1:11 am 0 comment
ශ්‍රී ලංකා රග්බි කණ්ඩා­යම ක්‍රීඩා අධ්‍යක්ෂ ආචාර්ය ශෙමාල් ප්‍රනාන්දු, රග්බි ආය­ත­නයේ නිල­ධා­රීන් සහ පුහු­ණු­ක­රු­වන් සමඟ.

වසර 7කට පසු ශ්‍රී ලංකාවේ පැවැ­ත්වෙන පළමු ආසි­යා­තික රග්බි ශූර­තා­ව­ලිය අද (30) රට­වල් 4ක සහ­භා­ගි­ත්ව­යෙන් කොළඹ තුරඟ තරග පිටි­යේදී ආරම්භ වේ. ආසි­යානු 15 සාමා­ජික රග්බි පළමු කොටසේ ශූර­තා­ව­ලිය ලෙස පැවැ­ත්වෙන මේ තර­ගා­ව­ලියේ ජය­ග්‍ර­හ­ණය අත්කර ගන්නා කණ්ඩා­යම ලබන වසරේ ආසි­යානු 15 සාමා­ජික ප්‍රධාන ශූර­තා­ව­ලි­යට සුදු­සු­කම් ලබන අතර, සත්කා­රක ශ්‍රී ලංකාව සමඟ ඉන්දි­යාව, කස­ක­ස්තා­නය සහ කටාර් රාජ්‍ය කණ්ඩා­යම් එක් වී සිටී.

පිළි­ම­ලුන් පිටු­දැ­කීමේ තර­ගා­ව­ලි­යක් ලෙස පැවැ­ත්වෙන ආසි­යානු 15 සාමා­ජික පළමු කොටසේ රග්බි තර­ගා­ව­ලියේ අව­සන් පූර්ව වටයේ තරග අද පැවැ­ත්වෙන අතර, අව­සන් මහා තර­ගය සහ තුන්වැනි ස්ථානය සඳහා තර­ගය ලබන මැයි මස 4 වැනිදා කොළඹ තුරඟ තරග පිටි­යේ­දීම පැවැ­ත්වී­මට කට­යුතු යොදා ඇත. කස­ක­ස්තා­නය සහ කටාර් රාජ්‍යය අතර පළමු අව­සන් පූර්ව තර­ගය අද පස්වරු 4.00ට පැවැ­ත්වෙන අතර, පස්වරු 7.00ට ශ්‍රී ලංකාව සහ ඉන්දි­යාව අතර තර­ගය පැවැත්වේ. අව­සන් මහා තර­ගය මැයි 4 වැනිදා පස්වරු 7.00ටත්, තුන්වැනි ස්ථානය සඳහා තර­ගය එදි­නම පස්වරු 4.00ටත් පැවැ­ත්වී­මට නිය­මි­තය.

සුහිරූ ඇන්ත­නීගේ නාය­ක­ත්ව­යෙන් තරග වදින ශ්‍රී ලංකා කණ්ඩා­යමේ උප­නා­ය­කයා ලෙස තරින්ද රත්වත්ත කට­යුතු කරන අතර, සනත් මාටිස් ප්‍රධාන පුහු­ණු­කරු ලෙසත්, දුෂ්‍යන්ත් ලෙව්කේ ඉදි­රි­පෙළ ක්‍රීඩ­ක­යන්ගේ පුහු­ණු­කරු ලෙසත්, නිල්ෆර් ඉබ්‍රා­හිම් පසු­පෙළ ක්‍රීඩ­ක­යන්ගේ පුහු­ණු­කරු ලෙසත් කට­යුතු කරති.

ශ්‍රී ලංකා රග්බි කණ්ඩා­යම

සුහිරු ඇන්තනී (නායක), තරින්ද රත්වත්ත (උප­නා­යක), තෙනුක නානා­ය­ක්කාර, සුබේර් දොරේ, වෙනුර කෝදා­ගොඩ, අදීෂ වීර­තුංග, ලසිඳු කරු­ණා­ති­ලක, රවීන් ද සිල්වා, මනිල්ක රුබේරු, ජනිඳු ප්‍රනාන්දු, ෆායිස් අබ්දුල්ලා, අස්මීර් ෆාජු­ඩීන්, මොහො­මඩ් රිෆාන්, ලහිරු තිල­ක­රත්න, ආකාෂ් මධු­ශංඛ, හිරන්ත පෙරේරා, සචිත් සිල්වා, චරිත් සිල්වා, දුෂ්මන්ත ප්‍රිය­ද­ර්ශන, පුලස්ති දිසා­නා­යක, ජනිත් ලක්සර, හිරූෂ සම්පත්, තරිඳු චතු­රංග, හේෂාන් ජන්සෙන්, කවිඳු ද කොස්තා, දිනාල් ඒක­නා­යක, නාලක මධු­රංග, සුදා­රක දික්කු­ඹුර, ස්ටෙෆාන් ග්‍රෙගරි, සෂික ප්‍රනාන්දු.

 

ෆවුස් මොහො­මඩ්

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT