Home » ජපාන විදේශ කට­යුතු ඇමැ­තිනි මැයි 4 එයි

ජපාන විදේශ කට­යුතු ඇමැ­තිනි මැයි 4 එයි

by Gayan Abeykoon
April 30, 2024 1:11 am 0 comment

ශ්‍රී ලංකා – ජපාන සහ­යෝ­ගි­තාව තව­දු­ර­ටත් ශක්ති­මත් කර­මින් ජපා­නයේ විදේශ කට­යුතු ඇමැ­තිනී යෝකෝ කමි­කාවා මහ­ත්මිය ශ්‍රී ලංකා­වට පැමි­ණී­මට නිය­මි­තව තිබේ.  දෙදින සංචා­ර­යක් සඳහා ජපන් විදේශ කට­යුතු ඇමැ­තිනී යෝකෝ කමි­කාවා මහ­ත්මිය එළ­ඹෙන 04 දා මෙර­ටට පැමි­ණෙන අතර 05 වැනිදා දක්වා ශ්‍රී ලංකාවේ නිල සංචා­ර­යක නිරත වීමට නිය­මිත බව විදේශ කට­යුතු අමා­ත්‍යාං­ශය පව­සයි.

මෙම සංචා­රය අත­ර­තු­රදී, ජපන් විදේශ කට­යුතු ඇමැ­ති­ව­රිය, ජනා­ධි­පති රනිල් වික්‍ර­ම­සිංහ සහ අග­මැති දිනේෂ් ගුණ­ව­ර්ධන යන මහ­ත්ව­රුන් බැහැ­ද­කිනු ඇති අතර ජපන් විදේශ කට­යුතු ඇමැ­ති­ව­රිය ප්‍රමුඛ දූත පිරිස විදේශ කට­යුතු ඇමැති අලි සබ්රි මහතා සමඟ ද නිල සාකච්ඡා පැවැ­ත්වී­මට නිය­මි­තව තිබේ.  ජපන් විදේශ කට­යුතු ඇමැ­ති­ව­රිය සමඟ එරට විදේශ කට­යුතු අමා­ත්‍යාං­ශයේ ජ්‍යෙෂ්ඨ නිල­ධා­රීහු පිරි­සක් ද මෙම නිල සංචා­ර­යට එක්වෙති.

මහින්ද අලු­ත්ගෙ­දර

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT