Home » රජයේ විධා­යක නිල­ධා­රීන් පිරි­ස­ක­ගෙන් අරුම පුදුම වර්ජන තර්ජ­න­යක් !

රජයේ විධා­යක නිල­ධා­රීන් පිරි­ස­ක­ගෙන් අරුම පුදුම වර්ජන තර්ජ­න­යක් !

by Gayan Abeykoon
April 30, 2024 1:12 am 0 comment

රජයේ විධා­යක නිල­ධා­රීන්ගේ ඒකා­බද්ධ කමි­ටුව නියෝ­ජ­නය කරන වෘත්තීය සමිති 18ක ප්‍රධා­න­ත්ව­යෙන් අප්‍රේල් 2 සහ 3 දින­වල වෘත්තීය ක්‍රියා­මාර්ග ගන්නා බවට දක්ව­මින් ඊයේ (29) නිකුත් කර ඇති අරුම පුදුම ලිපි­යක් ගැන තොර­තුරු වාර්තා වේ.

ඒ අනුව අස­නීප නිවාඩු වාර්තා කර­මින් දෙදි­නක් සේව­යෙන් බැහැ­ර­වී­මට  විධා­යක නිල­ධා­රීන්ගේ  ඒකා­බද්ධ කමි­ටුව තීර­ණය කර ඇති බවත්  මේ සම්බ­න්ධව ලිඛිත දැනු­ම්දී­මක් ජනා­ධි­පති ලේක­ම්ව­රයා වෙත සිදු­කර තිබෙන බවත් දැන­ග­න්නට ඇත.

මේ බව ජනා­ධි­පති අති­රේක ලේක­ම්ව­ර­යකු විසින් තහ­වුරු කර සිටි අතර එහි දී ඔහු සඳ­හන් කර සිටියේ,  ” රාජ්‍ය අංශයේ වෘත්ති­ක­යන් වර්ත­මා­නයේ මුහුණ දී ඇති ගැටලු සඳහා විස­ඳුම් ලබා­දී­මට රජය අපො­හො­ස­ත්ත්වීම” යන ශීර්ෂ­යෙන් යුතුව   2024 අප්‍රේල් මස 29 වනදා නිකුත් කළ ලිපි­යක් රජයේ විධා­යක නිල­ධා­රීන්ගේ  ඒකා­බද්ධ කමි­ටුව විසින් ජනා­ධි­පති ලේක­ම්ව­රයා වෙත යොමු­කර ඇති බවය.

වැටුප් විෂ­මතා ඉවත් කිරීම,  වසර 8ක් තිස්සේ වැටුප් වැඩි­වී­මක් සිදු­කර නොති­බීම,  රාජ්‍ය සේවයේ විධා­යක නිල­ධා­රීන් අතර උස­ස්වීම් ක්‍රම­වේ­ද­යක් සැක­සීම ඇතුළු කොන්දේසි 4ක් පද­නම් කර­ගෙන අදාළ ලිපිය යොමු­කර තිබෙන බව ද ඔහු සඳ­හන් කළේය. මෙම ඉල්ලීම් ලබා­ගැ­නීම සඳහා 2024-04-02 සහ 03 යන දෙදින අස­නීප නිවාඩු වාර්තා කර සේව­යෙන් බැහැර වන අතර  තව­දු­ර­ටත් තම ඉල්ලීම් ලබා­දීම සම්බ­න්ධව නොසැ­ල­කි­ලි­මත් වුව­හොත්  ඉදි­රියේ දැඩි වෘත්තීය ක්‍රියා­මාර්ග ගැනී­මට යොමු­වන බව ද එහි සඳ­හන් බවත් ඔහු පැවැ­සීය.

2024 අප්‍රේල් 2 වනදා සහ 3 වනදා අස­නීප නිවාඩු දමා වෘත්තීය ක්‍රියා­මාර්ග ගැනීම  2024 අප්‍රේල් මස 29 වනදා යොමු­ක­රන ලිපි­යක්  මඟින් දැනු­වත් කිරීම ගැටලු සහ­ගත බවත් රජයේ විධා­යක නිල­ධා­රීන්ගේ  ඒකා­බද්ධ කමි­ටුව නියෝ­ජ­නය කරන බව කියන රජයේ විධා­යක නිල­ධා­රීන්ගේ වෘත්තීය සමිති 18ක කිසි­වකු මේ සම්බ­න්ධව සංවේදී නොවූ බවක් පෙන්නුම් කෙරෙන බව ද ඔහු වැඩි­දු­ර­ටත් සඳ­හන් කර සිටි­යේය.

ලංකා ඉති­හා­සයේ දරු­ණු­තම ආර්ථික අර්බු­ද­යට මුහ­ණදී ඉතා­මත්ම දුෂ්කර තත්ත්ව­යක් යටතේ යළි ස්ථාව­ර­භා­ව­ය­කට පත්වෙ­මින් ඇති පසු­බි­මක මේ ආකා­රයේ තර්ජ­නා­ත්මක වෘත්තීය කොන්දේසි ඉදි­රි­පත් කිරීම සාධා­රණ නොවන බව තම පෞද්ග­ලික අද­හස වන බව ද ඔහු සඳ­හන් කළේය.

ඒ සම්බ­න්ධව වැඩි­දු­ර­ටත් අද­හස් දැක්වූ ජනා­ධි­පති අති­රේක ලේක­ම්ව­රයා මෙසේද පැවැ­සීය.

” ආර්ථික අර්බු­දය අව­ස්ථාවේ මේ රටේ මිලි­යන 22ක ජන­තාව,  පොදුවේ දුෂ්ක­ර­තා­ව­ලට මුහුණ පෑවා. පෞද්ග­ලික අංශයේ වැටුප් කප්පාදු පවා සිදු­වුණා. නමුත් රාජ්‍ය අංශයේ එවැ­න්නක් සිදු­වුණේ නෑ. අනෙක් අතට රාජ්‍ය අංශයේ සාමාන්‍ය සේව­ක­යන්ට වඩා ඉහළ වැටු­පක්,  ඉහළ වර­ප්‍ර­සාද ප්‍රමා­ණ­යක් විධා­යක නිල­ධා­රීන් භුක්ති විඳි­නවා. අනෙක් පසින් රාජ්‍ය අංශයේ විය­දම් පාල­නය කිරී­ම­ටත් සිදුව තිබෙ­නවා. මේ ඉදි­රි­පත් කර ඇති යෝජනා කිසි­වක් හදි­සියේ ක්‍රියා­ත්මක කළ නොහැ­කියි. ඒ නිසා මේ මොහොතේ රට ගොඩ­න­ඟන පොදු වැඩ­පි­ළි­වෙළ සාර්ථක කර ගැනීම තුළ ප්‍රශ්න විසඳා ගැනීම මිස වෘත්තීය ක්‍රියා­මාර්ග වෙත යොමු­වීම මානු­ෂීය නොවන බව මගේ පෞද්ග­ලික අද­හ­සයි. අපි පිළි­ගන්න ඕන විධා­යක නිල­ධා­රීන්ට වඩා දුෂ්ක­ර­තා­වන්ට මුහු­ණදී සිටින විශාල ප්‍රමා­ණ­යක් සිටින බව. ආර්ථික වශ­යෙන් අනා­ර­ක්ෂිත ජන­තා­වට වැඩි අව­ධා­න­යක් දිය යුතුයි. අපි නිද­හස් අධ්‍යා­ප­න­යෙන් නොමිලේ අධ්‍යා­ප­නය ලබා,  රජයේ ඉහළ තන­තුරු ලැබූ­වන්,  රටට අමා­රුම මොහොතේ තමන් කරන දේ හරිද වැර­දිද කියලා හෘද සාක්ෂි­යෙන් විම­සිය යුතුයි. මේක මගේ පෞද්ග­ලික මත­යයි. මම විශ්වාස කර­නවා රජයේ විධා­යක නිල­ධා­රීන් බහු­ත­රය මගේ අද­හස අනු­මත කරයි කියලා.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT