Home » මෛත්‍රී ජනාධිපති කිරීමට ගත් තීන්දුව ඓති­හා­සික වරදක්

මෛත්‍රී ජනාධිපති කිරීමට ගත් තීන්දුව ඓති­හා­සික වරදක්

මට සභා­ප­ති­කම එපා, විමුක්ති එන්නේ නෑ

by Gayan Abeykoon
April 30, 2024 1:12 am 0 comment

පක්ෂයේ උගත් හා   තරුණ පිරි­ස්ව­ලට අව­ස්ථාව දෙනවා:  

මට සභා­ප­ති­කම එපා:

ශ්‍රීල­නි­පය විනාශ කරලා ඉව­රයි: – හිටපු ජන­ප­තිනී

2015 වස­රේදී මෛත්‍රී­පාල සිරි­සේන මහතා ජනා­ධි­පති අපේ­ක්ෂ­කයා ලෙස පත් කිරී­මට ගත් ඓති­හා­සික වරද නිවැ­රදි කිරීම මෙන්ම පක්ෂය නිවැ­රදි දිශා­න­තිය වෙත ගෙන­යෑම වෙනු­වෙන් මෛත්‍රී­පාල සිරි­සේන මහ­තාට එරෙ­හිව තමන් අධි­ක­ර­ණ­යට ගිය බව හිටපු ජනා­ධි­ප­තිනි චන්ද්‍රිකා බණ්ඩා­ර­නා­යක කුමා­ර­තුංග මහ­ත්මිය ප්‍රකාශ කළාය. ශ්‍රී ලංකා නිද­හස් පක්ෂය අද වන­විට මුළු­ම­නින්ම විනාශ වී ඇති බවත් ඒ සඳහා හිටපු ජනා­ධි­ප­ති­ව­රුන් වන මහින්ද රාජ­පක්ෂ මහතා හා මෛත්‍රී­පාල සිරි­සේන මහතා වග­කිව යුතු බව ද චන්ද්‍රිකා බණ්ඩා­ර­නා­යක කුමා­ර­තුංග මහ­ත්මිය අව­ධා­ර­ණය කළාය.

එමෙන්ම ශ්‍රී ලංකා නිද­හස් පක්ෂය නිවැ­රදි කර පක්ෂය ශක්ති­මත් කිරීම වෙනු­වෙන් දායක වීමට තීර­ණය කළ අතර පක්ෂයේ සභා­පති ධුරය කිසි­සේත් භාර­නො­ගන්නා බවද බණ්ඩා­ර­නා­යක මහ­ත්මිය සඳ­හන් කළාය.

පක්ෂයේ උගත් හා තරුණ පිරි­ස්ව­ලට ප්‍රධාන තන­තුරු ලබා දෙමින් පක්ෂ­යට අවශ්‍ය නාය­ක­ත්වය දෙන අතර පක්ෂය නිවැ­රදි හා ශක්ති­මත් ලෙස ගොඩ­නැ­ඟීම පහසු නොවන බව ද සඳ­හන් කළාය.

හිටපු ජනා­ධි­ප­තිනි චන්ද්‍රිකා බණ්ඩා­ර­නා­යක මහ­ත්මිය මේ බව සඳ­හන් කළේ කොළඹ පද­නම් ආය­ත­න­යේදී ඊයේ (29) පැවැති මාධ්‍ය සාක­ච්ඡා­ව­කට සහ­භාගී වෙමිනි.

එහිදී වැඩි­දු­ර­ටත් බණ්ඩා­ර­නා­යක මහ­ත්මිය මෙසේද සඳ­හන් කළාය. ශ්‍රී ලංකා නිද­හස් පක්ෂය එක්සත් ජාතික පක්ෂ­යට හේත්තු කිරීමේ කිසිම අව­ශ්‍ය­තා­වක් නෑ. ඒ වගේම මගේ පුත් විමුක්ති කුමා­ර­තුංග දේශ­පා­ල­න­යට සම්බන්ධ නොවන අතර පවුල් දේශ­පා­ල­න­යට තමන් අතී­තයේ සිටම දැඩිව විරුද්ධ බව ද ඇය සඳ­හන් කළාය.

පසු­ගිය දින­වල මාධ්‍ය ඔස්සේ මම සම්බන්ධ කර ගනි­මින් විවිධ මාධ්‍ය වාර්තා පළ­වුණා. ඒවා සම්බ­න්ධ­යෙන් පැහැ­දිලි කිරීම මෙන්ම තවත් කරුණ ගණ­නා­වක් සම්බ­න්ධ­යෙන් පැහැ­දිලි කිරීම සඳහා මේ මාධ්‍ය සාක­ච්ඡාව පව­ත්වන්න තීර­ණය කළා.

මුලින්ම ශ්‍රී ලංකා නිද­හස් පක්ෂය සම්බ­න්ධ­යෙන් පැහැ­දිලි කළ යුතුයි. ශ්‍රී ලංකා නිද­හස් පක්ෂය මේ වන­විට බින්දු­ව­ටම වැටිලා. ඇත්ත­ටම වැටිලා නොවෙයි. ඒ තත්ත්ව­යට පක්ෂය පත් කළා. එලෙස පක්ෂය මේ තැනට පත් කළේ හිටපු ජනා­ධි­ප­ති­ව­රුන් වන මහින්ද රාජ­පක්ෂ හා මෛත්‍රී­පාල සිරි­සේන දෙදෙනා. මේ රටේ ප්‍රධාන දේශ­පා­ලන බල­වේග තුනක් තිබුණා. ශ්‍රී ලංකා නිද­හස් පක්ෂය, එක්සත් ජාතික පක්ෂය, ජනතා විමුක්ති පෙර­මුණ. ශ්‍රී ලංකා නිද­හස් පක්ෂය පටන් ගත්තෙම මැද මාව­තක යන ගම­නක් වෙනු­වෙන්. සියලු බල­වේග ඒක­රාශි කර ගනි­මින් ශ්‍රී ලංකා නිද­හස් පක්ෂය ගමන් කළා. නමුත් අද වන­විට පක්ෂ­යට සිදු වී තිබෙන මේ තත්ත්වය සමඟ ශ්‍රී ලංකා නිද­හස් පාක්ෂි­කයා අන්ත අස­රණ වෙලා. අද වෙන­කොට පක්ෂය කොටස් හත අට­කට කැඩිලා. ශ්‍රී ලංකා නිද­හස් පක්ෂය කියන්නේ වසර හත­ළි­හක විතර කාල­යක් වරින් වර රට පාල­නය කළ පක්ෂ­යක්. නමුත් අද වන­විට පක්ෂය මේ ආකා­ර­යට විනාශ වී ගිහින්. පක්ෂය ගොඩ­ගැ­නීම, ශක්ති­මත් කිරීම හිතන තරම් පහසු නැහැ. අසීරු කාර්ය­යක්. පක්ෂ­යට ආද­රය කරන, දක්ෂ, තරුණ සියලු පිරිස් සමඟ පක්ෂය ශක්ති­මත් කිරීමේ වැඩ­පි­ළි­වෙළ ආරම්භ කර­නවා.

අද වෙද්දී තිබෙන තවත් ගැට­ලු­වක් තමයි අවංක, දක්ෂ, උගත් දේශ­පා­ල­ක­යන් හිඟයි. අවංක, දක්ෂ පිරිස් නැහැ. අවංක දක්ෂ සුළු පිරි­සක් තමයි පාර්ලි­මේ­න්තුව මෙන්ම ප්‍රාදේ­ශීය දේශ­පා­ල­නයේ සිටින්නේ. අති­බ­හු­ත­රය බල­යට එන්නෙම හම්බ කිරීම වෙනු­වෙන්. මේ ක්‍රමය වෙනස් කළ යුතුයි. වෙන කිසිම වෘත්ති­යක නිරත වෙන්න බැරි බහු­ත­ර­යක් තමයි අද දේශ­පා­ල­න­යට එන්නේ. මේ තත්ත්වය බලා­ගෙන ඉන්න බැරිම තැන තමයි තරුණ පිරිස් අර­ග­ලය පටන් ගත්තේ. අර­ග­ලයේ නිරත වූ පිරි­සක් මාවත් මුණ ගැහුණා.ඒ අය මගෙත් එක්ක සාකච්ඡා කළා. අර­ග­ලයේ නිරත වූ අති බහු­ත­රය එකතු වුණේ මේ ක්‍රමය වෙනස් කිරී­ම­ටයි. ඒ වගේම අර­ග­ලයේ නිරත වූ සෑම දෙන­කුම පාහේ උගත්, බුද්ධි­මත් අය. මේ පිරිස අතර නීති­ඥ­වරු, ඉංජි­නේ­රු­වන්, ආදි පිරිස් පවා හිටියා.

පසු­ගිය වක­වා­නුවේ මෛත්‍රී­පාල සිරි­සේන මහතා විසින් පක්ෂය නිවැ­රදි ලෙස ගෙන ගියා නම් පක්ෂය ශක්ති­මත් කිරී­මට තිබුණා. නමුත් ඔහු පක්ෂය විනාශ කළා. ඒ වගේම 2015 වස­රේදී මෛත්‍රී­පාල සිරි­සේන මහතා ජනා­ධි­පති අපේ­ක්ෂ­කයා බවට පත් කර කළේ ඓති­හා­සික වර­දක්. එය නිවැ­රදි කිරීම වෙනු­වෙ­නුයි මම අධි­ක­ර­ණ­යට ගියේ. ශ්‍රී ලංකා නිද­හස් පක්ෂය ශක්ති­මත් කළ යුතුයි. ඒ වගේම එය මාස­ය­කින් දෙක­කින් කරන්න බැරි­වෙයි. කාල­යක් ගත­වෙයි. නමුත් අපි සියලු දෙනා එකතු වෙලා එය ඉටු කර­නවා. ඒ වගේම ශ්‍රී ලංකා නිද­හස් පක්ෂයේ සභා­පති ධුරය භාර ගැනීමේ කිසිම අර­මු­ණක් මට නැහැ. පක්ෂයේ සිටින තරුණ, දක්ෂ පිරි­ස්ව­ලට අව­ස්ථාව දෙමින් පක්ෂය ශක්ති­මත් කිරී­මයි මගේ අර­මුණ. ඒ වගේම ශ්‍රී ලංකා නිද­හස් පක්ෂය එක්සත් ජාතික පක්ෂ­යට විකි­ණීමේ කිසිම අර­මු­ණක්ද මට නැහැ. මම ඉප­දු­ණෙත්, මිය­ය­න්නෙත් ශ්‍රී ලංකා නිද­හස් පාක්ෂි­ක­යෙක් විදි­ය­ටයි. ශ්‍රී ලංකා නිද­හස් පක්ෂය ගොඩ­ගන්න පුළු­ව­න්නම් ඒ වෙනු­වෙන් කළ හැකි සියල්ල කර­මින් ඒ සඳහා සහාය දෙනවා.

ඒ වගේම මගේ පුතා කිසිම අව­ස්ථා­වක දේශ­පා­ල­න­යට ගේන්නේ නැහැ. මම පවුල් දේශ­පා­ල­න­යට විරු­ද්ධයි. මම දේශ­පා­ල­න­යට ආවෙත් මගේ සහෝ­ද­රයා වෙනත් පක්ෂ­ය­කට ගියාම සහ මගේ මව දේශ­පා­ල­න­යෙන් සමු­ග­ත්තට පසු­වයි. අපට දේශ­පා­ලන අර­මුණු නැහැ. පක්ෂය නිවැ­රදි ලෙස සහ ශක්ති­මත් ලෙස ගොඩ­නැ­ඟීම එකම අපේ­ක්ෂා­වයි.

ශ්‍රී ලංකා නිද­හස් පක්ෂය නිවැ­රදි මඟට යොමු කර­මින්, පක්ෂය ශක්ති­මත් කර­නවා. ඒ වගේම වැරදි කරපු අයට අපෙන් අව­ස්ථා­වක් ලැබෙන්නේ නැහැ. පක්ෂයේ ප්‍රධාන තන­තුර නොගෙන පක්ෂ­යට ලබා­දිය හැකි සියලු උප­දෙස් දෙමින් සහාය ලබා දෙනවා. පක්ෂයේ වැඩ කරන්න පුළු­වන් තරුණ පිරි­ස්ව­ලට අව­ස්ථාව ලබා දෙන­වා­යිද පැව­සු­වාය.

ස්වර්ණා විජේ­කෝන්

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT