Saturday, May 18, 2024
Home » නඩුව අගෝස්තු 8දා යළි කැඳවීමට නියෝග
රාජාංගණයේ සද්ධාරතන හිමිට එරෙහි නඩු විභාගය

නඩුව අගෝස්තු 8දා යළි කැඳවීමට නියෝග

by mahesh
April 25, 2024 1:00 am 0 comment

ආගමික සහජීවනයට බාධා වන අයුරින් ප්‍රකාශ නිකුත් කළ බවට අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ රාජාංගණයේ සද්ධාරතන හිමියන්ට එරෙහි නඩුව වැඩිදුර වාර්තා සඳහා ලබන අගෝස්තු 8 වැනිදා නැවත කැඳවන ලෙස කොටුව මහේස්ත්‍රාත් කෝසල් සේනාධීර මහතා ඊයේ (24) නියෝග කළේය. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කිරීමෙන් අනතුරුව ඇප මත මුදාහැර ඇති සැකකාර හිමියන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අනූජ ප්‍රේමරත්න මහතා ඇතුළු නීතිඥ මඬුල්ල සැකකාර හිමියන්ට එරෙහිව සිවිල් හා දේශපාලන අයිතීන් පිළිබඳ සම්මුති පනත යටතේ (ICCPR) සහ ලංකා දණ්ඩ නීති සංග්‍රහයේ ගැනෙන චෝදනා ගැනෙන්නේ නැති බව අධිකරණය හමුවේ කියා සිටියේය.

සැකකාර හිමිනම යූ ටියුබ් වීඩියෝ ඔස්සේ කළ අදහස් දැක්වීම් ලක්ෂයකට අධික පිරිසක් නරඹා ඇති බවත් 15000ක් පමණ පිරිසක් එය අනුමත කරමින් අදහස් දක්වා ඇති බවත් සැකකාර හිමිනම ඉදිරිපත් කරමින් පරිගණක වෝහාරික අපරාධ කොට්ඨාසයේ සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණය හමුවේ වැඩිදුර වාර්තා ඉදිරිපත් කරමින් දක්වා ඇති අතර ඒවා අන්තර්ජාල සමාජ මාධ්‍ය ඔස්සේ උඩුගත කර ඇති අතර එම වීඩියෝ පටය හේතුවෙන් ආගමික හා ජාතික සංහිඳියාවට තර්ජනයක් බව අධිකරණයට කියා සිටි CIDය ඇතැම් පිරිස්වලට ජීවිතවලට හා දේපළවලට හානිවන අයුරින් මේ ප්‍රකාශ සිදු කර ඇති බවත් එය ජාතික ආරක්ෂාවට තර්ජනයක් බවත් දක්වා ඇත.

එම වීඩියෝ පටවලින් පුද්ගලයන් අතර කැළඹිලි ස්වභාවයක් ඇතිව තිබෙනවා. යූ ටියුබ්, මුහුණු පොත සහ සුරකිමු ලංකා වැනි ජාලගත ප්‍රවේශ ඔස්සේ මෙවැනි අගතිගාමී ප්‍රකාශ කර තිබෙනවා යැයි කී CIDය ඒ අනුව සැකකාර හිමිනම සිවිල් හා දේශපාලන අයිතීන් පිළිබඳ සම්මුති පනත යටතේ ( ICCPR ) සහ ලංකා දණ්ඩ නීති සංග්‍රහයේ 120, 485 යටතේ ගැනෙන වරද සිදු කර ඇති බවත් එය මහජන සාමයට ජාතික ආරක්ෂාවට තර්ජනයක් බව වාර්තාවේ දක්වා ඇත.

ඇප මත මුදාහැර ඇති සැකකාර රාජාංගණයේ සද්ධාරතන හිමියෝ නඩුව කැඳවූ අවස්ථාවේදී අධිකරණයේ පෙනී සිටියහ.

සුභාෂිණී සේනානායක

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT