Saturday, May 18, 2024
Home » වසරේ 16 වන “සුව උදාන” ජංගම සෞඛ්‍ය සායන වැඩසටහන කරන්දෙණියේ දී

වසරේ 16 වන “සුව උදාන” ජංගම සෞඛ්‍ය සායන වැඩසටහන කරන්දෙණියේ දී

by yasara
May 4, 2024 2:32 pm 0 comment

සෞඛ්‍ය හා කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතාගේ උපදෙස් පරිදි සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ග්‍රාමීය ජනතාවගේ සෞඛ්‍ය තත්ත්වයන් ඉහළ නැංවීම ප්‍රධාන අරමුණ කර ගනිමින්, නිදන්ගත රෝග මෙන්ම සර්වාංග රෝග හදුනා ගැනීම, ප්‍රතිකාර ලබා දීම, ඉදිරි ප්‍රතිකාර සේවාවන් සදහා රජයේ රෝහල් වල සායන සදහා යොමු කිරිම, අරමුණු කර ගනිමින් දීප ව්‍යාප්තව පවත්වනු ලබන “සුව උදාන” ජංගම සෞඛ්‍ය සායන වැඩසටහනේ තවත් එක් වැඩසටහනක් අද (04) පෙරවරුවේ ගාල්ල දිස්ත්‍රික්කයේ, ඇල්පිටිය, කරන්දෙණිය, ඉපන්කන්ද කණිෂ්ඨ විද්‍යාලයේ දී ආරම්භ කෙරිණි.

විශේෂඥ වෛද්‍ය, වෛද්‍ය, හෙද ඇතුලු සෞඛ්‍ය කාර්ය මණ්ඩලවල සහභාගීත්වයෙන් පැවැත්වෙන මෙම “සුව උදාන” ජංගම වෛද්‍ය සායනය තුලින් ජංගම රසායනාගාර සේවාදන්ත වෛද්‍ය සායනයඅක්ෂි සායනයරුධිරයේ සීනි මට්ටම පරික්ෂාවරුධිරයේ මේධ මට්ටම පරීක්ෂාවශරීර ස්කන්ධ දේහ දර්ශකය මැනීමරුධිර පීඩනය මැනීමසුවනාරි සායනයආයුර්වේද සායනය,  වකුගඩු සායනයබෝනොවන රෝග පිළිබද සායනය සහ චීන කටු චිකිත්සාවසෞඛ්‍ය අධ්‍යාපන වැඩසටහන්  ඇතුලු වෛද්‍ය සේවාවන් රැසක් සහ ඖෂධ නිකුත් කිරීම ද සිදු කෙරේ.

මෙම අවස්ථාවට එක්වෙමින් අදහස් දැක් වූ සෞඛ්‍ය හා කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා කියා සිටියේ මෙරට වසංගතයක් මෙන් පැතිර යන බෝනොවන රෝග, වකුගඩු රෝග වැනි රෝග හේතුවෙන් ප්‍රතිකාර සේවාවන් සදහා රජයට විශාල පිරිවැයක් දැරීමට සිදුව ඇති බවයි. එවැනි රෝගීන් කල්තියා හදුනාගෙන ප්‍රතිකාර සේවාවක් ශක්තිමත් කර, එම රෝගවලින් ජනතාව මුදවාගෙන දැනුවත් කිරීමට අවශ්‍යතාවයක් ඇති බවත්, මෙවැනි අක්ෂි, දන්ත, ආයුර්වේද ඇතුලු සායන රැසකින් සමන්විත ජංගම සෞඛ්‍ය සායන පැවැත්වීම එවැනි අවශ්‍යතා සම්පූර්ණ කිරීමට ගන්නා එක් ක්‍රියාමාර්ගයක් බව ද පැවසීය.

ඉතාමත්ම ඉහළ සෞඛ්‍ය සේවාවක් පවතින අප රටේ ජීවත්වීමේ ආයු අපේක්ෂාව ද ලෝකයේ දියුණු රටවල මෙන් ඉහළ මට්ටමක පවතින බවත්, නමුත් අපේ ජිවිතවල අවසන් කාලය විවිධ රෝගාබාධ වලට ගොදුරුව සතුටින් අවසන් කරන්න නොහැකි නම් ඉන් ප්‍රතිඵලයක් නොමැති බව ද පැවැසීය. මාතෘ හා ළදරු සංරක්ෂණ වැඩසටහන් ක්‍රියාත්මක වුව ද වයස්ගත ජනතාව රැකබලා ගැනීමේ වැඩපිළිවෙලේ දී පසුගාමී තත්ත්වයක් පෙන්නුම් කරන මෙරට සෞඛ්‍ය සේවාවේ එම තත්ත්වය වැඩිදියුණු කළ යුතු බවද පැවැසීය.

වසර 450 ක් වෙනත් රටවල් 03 කට යටත්ව සිටි අප රට වැනි රටක් මෙම කලාපයේ නොමැති බවත්, පරම්පරා 15 ක් 20 ක් පරදේශීන් යටතේ ජිවත්ව පසුගිය වසර 75 තුල විශිෂ්ඨ සංවර්ධනයක් ද අත්කර ගෙන ඇති බව ද පැවසූ සෞඛ්‍ය හා කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා මේ වසරේ කරාපිටිය රෝහල සංවර්ධනයට රුපියල් කෝටි 200 ක්, ඇල්පිටිය රෝහල සංවර්ධනය සදහා රුපියල් මිලියන 100 ක් ලබා දී ඇති බවත්,  ප්‍රදේශයේ කුඩා රෝහල් සහ සෞඛ්‍ය ආයතන සංවර්ධනය කිරීමට ද මුල්‍ය ප්‍රතිපාදන ලබාදී ඇති බව ද වැඩිදුරටත් පැවැසීය.

කොළඹ ජාතික රෝහල, කොළඹ ජාතික අක්ෂි රෝහල මෙන්ම ගාල්ල කරාපිටිය රෝහල ඇතුලු සෞඛ්‍ය වෛද්‍ය නිළධාරී කාර්යාල නියෝජනය කරමින් විශේෂඥ වෛද්‍යවරුන්, වෛද්‍යවරුන්, හෙද හෙදියන්, පරිපූරක හා අතුරු වෛද්‍ය සේවාවට අයත් හා කනිෂ්ඨ කාර්ය මණ්ඩලය සහභාගීත්වයෙන් පැවැත්වෙන මෙම සායනයෙන්  ප්‍රථිකාර සේවාවන් ලබාගැනිම සදහා ඇල්පිටිය, ඉපන්කන්ද, වතුගෙදර, ඇතුලු අවට ග්‍රාම නිළධාරී වසම්වල විශාල  ජනතාවක් අද පෙරවරුව වන විට සහභාගී වී  සිටියහ.

මෙම අවස්ථාවට සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඡ්‍යෙෂ්ඨ සහකාර ලේකම් (ප්‍රවෘත්ති හා ප්‍රචාරණ) හර්ශප්‍රිය සිසිර කුමාර,  ඉපන්කන්ද කණිෂ්ඨ විද්‍යාලයේ විදුහල්පති කමල් ශ්‍රී ලියනගේ යන මහත්වරු ඇතුලු විශේෂඥ වෛද්‍ය, වෛද්‍ය, හෙද ඇතුලු සෞඛ්‍ය කාර්ය මණ්ඩල මෙන්ම  ප්‍රදේශවාසීන් විශාල ද පිරිසක් එක්ව සිටියහ.

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT