Home » රට ශක්තිමත් කළ ජනපතිට ශක්තියක් වීමට තීරණය කළා

රට ශක්තිමත් කළ ජනපතිට ශක්තියක් වීමට තීරණය කළා

මන්ත්‍රී ගයාශාන් නවනන්දන

by mahesh
May 3, 2024 1:00 am 0 comment

රට ශක්තිමක් කළ හැකි නායකයා වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා බැවින් ජනාධිපතිවරයාට ශක්තියක් වීමට තමන් තීරණය කළ බව මොනරාගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ගයාශාන් නවනන්දන මහතා ‘දිනමිණට’ ප්‍රකාශ කළේය.

කඩාවැටුණු රට නිවැරදි දිශානතියකට ගෙන යමින් රට නිවැරදි කළ හැකි බවට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ක්‍රියාවෙන්ම මේ වන විට ඔප්පු කර ඇති බව ද හෙතෙම පැවසීය.

එබැවින් පළමුවැනිදා පැවැති එක්සත් ජාතික පක්ෂ මැයි දින රැලියට එකතු වීමට තමන් තීරණය කළ බවත් පක්ෂ සාමාජිකත්වය මෙතෙක් ලබාගෙන නැති බවත් හෙතෙම පැවසීය.

තනතුරු, වරප්‍රසාද, වරදාන වෙනුවෙන් තමන් මෙම තීරණය නොගත් අතර මේ මොහොතේ රට ගොඩනැඟීම සඳහා වෙනත් විකල්පයක් නැති බව තම මතය බව ද හෙතෙම පැවසීය.

පාර්ලිමේන්තු මන්ත්‍රී ගයාශාන් නවනන්දන මහතා එක්සත් ජාතික පක්ෂ මැයි දින රැලියට එකතු වීම සම්බන්ධයෙන් ‘දිනමිණ’ සිදුකළ විමසීමකදී ඒ මහතා මේ බව සඳහන් කළේය.

ස්වර්ණා විජේකෝන්

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT