Home » ගාසා තීරය නැවත ගොඩනැඟීමට ඩොලර් බිලියන 40ක් අවශ්‍යයි

ගාසා තීරය නැවත ගොඩනැඟීමට ඩොලර් බිලියන 40ක් අවශ්‍යයි

එ.ජා. සංවර්ධන වැඩසටහනේ ප්‍රධානී

by mahesh
May 3, 2024 1:00 am 0 comment

ඊශ්‍රායල – හමාස් යුද ගැටුම් හේතුවෙන් විනාශයට පත් වූ ගාසා තීරයේ ප්‍රතිසංස්කරණ කටයුතු සිදු කිරීමට අමෙරිකානු ඩොලර් බිලියන 40ක් වැය වනු ඇතැයි එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ ජ්‍යෙෂ්ඨ නිලධාරියකු ප්‍රකාශ කළ බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. යුද්ධය අවසන් වීමෙන් පසු එහි සංවර්ධන කටයුතු සහ ප්‍රතිසංස්කරණ කටයුතු සඳහා ආධාර ලබා දෙන ලෙස ඔහු විදෙස් රටවලින් සහ පෞද්ගලික සංවිධානවලින් ඉල්ලීමක් කර ඇතැයි ද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය.

යුද ගැටුම් නිමා වීමෙන් පසුව ගාසා තීරයේ ප්‍රතිසංස්කරණ කටයුතු අදියර කිහිපයක් යටතේ සිදු කිරීමට සැලසුම් කර ඇතැයි ද, ප්‍රතිසංස්කරණ කටයුතු ආරම්භ කිරීමට පෙර එහි සුන්බුන් ඉවත් කිරීමට ඩොලර් බිලියන 2ක් පමණ වැය වනු ඇතැයි ද එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ කලාපීය කාර්යාලයේ සහකාර ලේකම් සහ අධ්‍යක්ෂ අබ්දුල්ලා අල් ඩර්දාරි ප්‍රකාශ කර ඇතැයි වාර්තා වේ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT