Home » පාස්කු ප්‍රහාරය වැනි ප්‍රහාරයන් නැවත එල්ල විය හැකියි

පාස්කු ප්‍රහාරය වැනි ප්‍රහාරයන් නැවත එල්ල විය හැකියි

by mahesh
April 25, 2024 1:00 am 0 comment

පාස්කු ප්‍රහාරය වැනි ප්‍රහාරයන් නැවත එල්ල විය හැකි අතර ඒ ගැන අවධානයෙන් සිටීම වැදගත් බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රි මධුර විතානගේ මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (24) පැවැසීය.

පාස්කු ප්‍රහාරය පිළිබඳ පැවැති විවාදයට එක්වෙමින් මන්ත්‍රිවරයා මේ බව පැවැසීය.

මන්ත්‍රිවරයා තවදුරටත් මෙසේද පැවැසුවේය.

“මුස්ලිම් අන්තවාදය ගැන කවුරුත් දන්නවා.නමුත් ඒකට ගන්න ක්‍රියාමාර්ග ගැන මුකුත් කියන්නෙ නෑ බලධාරීන්. පාස්කු ප්‍රහාරය වගේ එකක් ආයේ එන්න පුළුවන්. මොකද ආයේ අන්තවාදී අදහස් මතුවෙමින් තිබෙනවා. ඒ වගේම මැතිවරණයක් ළඟ එන මොහොතක්.ආයෙ ජාතිවාදී අදහස් ගැන අදහස් මතුවෙනවා.මේවා එක රැයකින් මතු වෙන්නේ නෑ. ඒ වගේම මේ ප්‍රහාරයට සම්බන්ධ වූ මුස්ලිම් ව්‍යාපාරිකයාගේ දරුවන් පිළිබඳව ත් අපි අධ්‍යයනය කළ යුතුයි .”

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT