Home » එළ­ඹෙන ජන­පති සට­නේදී සජිත් ප්‍රේම­දාස ලක්ෂ 75ට වඩා ඡන්ද අරන් ජනා­ධි­ප­ති­වීම ස්ථිරයි

එළ­ඹෙන ජන­පති සට­නේදී සජිත් ප්‍රේම­දාස ලක්ෂ 75ට වඩා ඡන්ද අරන් ජනා­ධි­ප­ති­වීම ස්ථිරයි

සජබ දෙහි­වල ගල්කිස්ස ප්‍රධාන සංවි­ධා­යක චන්න විකුම්

by Gayan Abeykoon
April 30, 2024 1:08 am 0 comment

ඉදිරි ජනා­ධි­ප­ති­ව­ර­ණ­යේදී සමඟි ජන බල­වේ­ගයේ නායක සජිත් ප්‍රේම­දාස මහතා ලක්ෂ 75ට වඩා ඡන්ද ලබා­ගෙන ජනා­ධි­ප­ති­වීම ස්ථිර බව සමඟි ජන බල­වේ­ගයේ දෙහි­වල ගල්කිස්ස ප්‍රධාන සංවි­ධා­යක චන්න විකුම් මහතා පැව­සීය. කළු­බෝ­විල සමගි ජන බල­වේ­ගයේ පක්ෂ කාර්යා­ලය පෙරේදා (28) පැවැති මාධ්‍ය හමු­ව­කට එක්වෙ­මින් ඒ මහතා මේ බව සඳ­හන් කළේය.

වර්ත­මා­නයේ ශක්ති­මත්ම පක්ෂය සහ ශක්ති­මත්ම නාය­කයා සමඟි ජන බල­වේ­ගයේ නායක සජිත් ප්‍රේම­දාස මහතා බව හෙතෙම කියා සිටි­යේය. ගමේ ජන­තා­වගේ එකම පැතුම සමඟි ජන බල­වේ­ගයේ නායක සජිත් ප්‍රේම­දාස මහතා බව චන්න විකුම් මහතා වැඩි­දු­ර­ටත් කීවේය.

චන්න විකුම් මහතා වැඩි­දු­ර­ටත් මෙසේද පැව­සීය.

ශ්‍රී ලංකා නිද­හස් පක්ෂය මේ වන විට දෙකට තුනට කැඩිලා. පොදු ජන පෙර­මුණ ජනා­ධි­පති අපේ­ක්ෂ­ක­යෙක් තෝරා­ගන්න බැරුව ඉන්නවා. ජනතා විමුක්ති පෙර­මුණ පසු­ගිය මැති­ව­ර­ණ­ව­ලදී ලක්ෂ පහට වඩා අඩු­වෙන් ගත්තේ. තව මොන­වද ඒගොල්ලෝ ගැන කියලා වැඩක් නෑ. 88/89 වස­ර­වල ජනතා විමුක්ති පෙර­මුණ රටේ ආර්ථි­කය නැති කර දැම්මා. ඒගො­ල්ලොන්ට රටේ ආර්ථි­කය හදන්න මතක් වෙලා තිබෙන්නේ දැන්. රටේ ආර්ථි­කය විනාශ කරපු කට්ටිය ආර්ථි­කය හදන්න කතා කර­න­කොට ඒකම විහි­ළුක්. මේ සියලු පක්ෂ­ව­ලට වඩා සමඟි ජන බල­වේ­ගය ශක්ති­මත්. අපේ කණ්ඩා­යමේ හොඳ ආර්ථික විශේ­ෂ­ඥ­වරු, රටක් පාල­නය කරන්න පුළු­වන් හොඳ නාය­ක­යෙක් ඉන්න­වා­යිද පැව­සීය.

 

නුවන් කොඩි­කාර

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT