Sunday, May 19, 2024
Home » ටොයෝටා සමාගම මෝටර් රථ ලක්ෂ 11ක් යළි ගෙන්වයි

ටොයෝටා සමාගම මෝටර් රථ ලක්ෂ 11ක් යළි ගෙන්වයි

by gayan
December 23, 2023 1:00 am 0 comment

වායු බැලූන ගැටලුවක් හේතුවෙන් ජපානයේ ටොයෝටා සමාගම ලොව පුරා බෙදා හරිනු ලැබූ මෝටර් රථ මිලියන 1.12ක් නැවත ගෙන්වීමට පියවර ගෙන ඇතැයි වාර්තා වේ. මෙමඟින් 2020 සිට 2022 දක්වා නිෂ්පාදිත විවිධ වර්ගයේ Avalon, Camry, Corolla, RAV4, Lexus ES250, ES300H, ES350, RX350 Highlander සහ Sienna Hybrid වර්ගයේ වාහන ගෙන්වීමට තීරණය වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. එම කාණ්ඩවල මෝටර් රථවල occupant Classification System (OCS) සංවේදක ක්‍රියා නොකිරීමට හේතුවෙන් මේ පියවර ගෙන ඇතැයි ද වාර්තා වේ.

ඉහත සඳහන් වාහන වර්ගවල කුඩා සිරුරකින් යුතු වැඩිහිටියන් සහ දරුවන් මෝටර් රථයේ ඉදිරිපස අසුන්ගෙන සිටියදී එම වායු බැලූන ක්‍රියාත්මක නොවන බවට ටොයෝටා මෝටර් රථ සමාගමට පැමිණිලි රැසක් ලැබී ඇතැයි වැඩිදුරටත් වාර්තා වේ. මේ අනුව ලබන වසරේ පෙබරවාරි මාසය වන විට සිය පාරිභෝගිකයන්ට ඔවුන් මිල දී ගත් 2020 සිට 2022 දක්වා කාලය ඇතුළත නිෂ්පාදිත ඉහත කී වර්ගවල මෝටර් රථ නැවත භාර දෙන මෙන් ඉල්ලීමක් කරනු ඇතැයි විදෙස් මාධ්‍ය සඳහන් කළේය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT