Sunday, May 19, 2024
Home » රත්නපුර මුස්ලිම් ව්‍යාපාරික දෙපළකගෙන් බොදු දරුවන්ට උඳුවප් පෝ දා පාසල් උපකරණ

රත්නපුර මුස්ලිම් ව්‍යාපාරික දෙපළකගෙන් බොදු දරුවන්ට උඳුවප් පෝ දා පාසල් උපකරණ

by gayan
December 28, 2023 1:00 am 0 comment

රත්නපුර දිස්ත්‍රික්කයේ යතුරුපැදි කාර්මික ශිල්පීන් 75 දෙනකුගේ අධ්‍යාපනය ලබන දරුදැරියන් සියදෙ‍ෙනකු සඳහා අභ්‍යාස පොත් බෑග් ඇතුළු පාසල් උපකරණ ලබාදීම උඳුවප් පුර පසළොස්වක පොහෝය දා කුරුවිට යුද හමුදා කඳවුරු පරිශ්‍රයේ දී සිදු කෙරුණි.

මුස්ලිම් ව්‍යාපාරිකයකු සිංහල බොදු පවුල්වල දූ දරුවන්ට උඳුවප් පොහෝ දා මෙම පරිත්‍යාගය කළේය. යතුරුපැදි අමතර කොටස් අලෙවිකරුවකු වන රත්නපුර ලිබර්ටි මෝටර්ස් ආයතනයේ අධිපති රවුසාන් ලුතුෆි සහ ලිබර්ටි මෝටර්ස් එන්ටර්ප්‍රයිසස් අධිපති රිස්වාන් ලුතිෆි යන මහත්වරුන්ගේ අනුග්‍රාහකත්වයෙන් මෙම අභ්‍යාස පොත්, පාසල් උපකරණ ලබා දීමේ වැඩසටහන සිදු කෙරුණි. මේ අවස්ථාවේදී ඔවුන්ගේ පවුල්වල අය ද කැඳවා ධනාත්මක චින්තන දේශනයක් සහ විචිත්‍ර නැටුම්, ගැයුම් සංදර්ශනයක් ද පැවත්විය. යතුරුපැදි අමතර කොටස් අලෙවියෙන් ලබන ලාභයෙන් කොටසක් එම කර්මාන්තයේ යෙදී සිටින අයට බෙදා දෙමින් සුභ සාධන වැඩපිළිවෙළක් සිදු කිරීම තම අරමුණ බව ලිබර්ටි මෝටර්ස් ආයතනයේ අධිපති රවුසාන් ලුතිෆි මහතා මෙහිදී පැවසීය.

ඒ අනුව රත්නපුර දිස්ත්‍රික්කයේ යතුරුපැදි මෝටර් රථ කාර්මිකයින්ගේ සුබ සාධක සංගමය පිහිටුවා රුපියල් ලක්ෂ දහයක මුදලක් එම අරමුදලට පරිත්‍යාග කිරීම ද මෙහිදී සිදු කෙරුණි. යතුරුපැදිකරුවන් මුහුණපාන ගැටලුවලදී එම අරමුදලින් සහන ලබා දෙන අතර එම අරමුදලට වාර්ෂිකව රුපියල් දෙලක්ෂය බැගින් ලබා දීමට ද ලිබර්ටි මෝටර්ස් ආයතනය තීරණය කර තිබේ.

කහවත්ත නිරෝෂණ පෙරේරා

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT