Sunday, May 19, 2024
Home » බව තරණය අඩසියවස් සමරු ශාස්ත්‍රීය සම්භාෂණය

බව තරණය අඩසියවස් සමරු ශාස්ත්‍රීය සම්භාෂණය

by sachintha
January 1, 2024 1:00 am 0 comment

මාර්ටින් වික්‍රමසිංහ සූරීන්ගේ බව තරණය නවකතාව පළ වී 2023 නොවැම්බරයට අඩ සියවසක් සපිරෙයි. වික්‍රමසිංහයන්ගේ අවසාන නවකතාව වන මේ කෘතිය එදා මහත් ආන්දෝලනාත්මක සංවාදවලට මුල් වූවක් විය. නූතන විචාරාක්ෂියෙන් බව තරණය පිළිබඳව ප්‍රත්‍යාවලෝකනයක යෙදෙණු වස් එය පළ වී අඩසියවසකට පසුව රුහුණ විශ්වවිද්‍යාලයීය සිංහල අධ්‍යයනාංශය මඟින් ශාස්ත්‍රීය සම්භාෂණයක් සංවිධාන කිරීමට පියවර ගෙන තිබේ. මේ සම්භාෂණය අදියර දෙකක් යටතේ පැවැත්වීමට සැලසුම් කොට තිබේ.

එහි පළමු අදියර 2024 ජනවාරි මස 04 වන දින පෙ.ව. 9.00 සිට ප.ව. 12.30 තෙක් සිංහල අධ්‍යයනාංශයේ ගෞරව උපාධි අපේක්ෂක විද්‍යාර්ථින් සඳහා කොග්ගල මාර්ටින් වික්‍රමසිංහ ජන කලා කෞතුකාගාරයේ දී පැවැත්වෙන අධ්‍යයන වැඩසටහනකි. දෙවන අදියර වන්නේ 2024 ජනවාරි 05 වන දින පෙ.ව. 9.00 සිට ප.ව. 4.00 තෙක් ප්‍රවීණ සාහිත්‍යධරයන්ගේ හා විචාරකයන්ගේ සහභාගිත්වයෙන් රුහුණ විශ්වවිද්‍යාලයීය පරිශ්‍රයේ දී පැවැත්වෙන ශාස්ත්‍රීය සම්භාෂණයයි. මේ සම්භාෂණයේ දී රුහුණ විශ්වවිද්‍යාලයේ කුලපති ආචාර්ය අකුරටියේ නන්ද නාහිමි, එරික් ඉලයප්ආරච්චි, කරුණාරත්න අමරසිංහ, මහාචාර්ය රත්නසිරි අරංගල හා ආචාර්ය දර්ශන ලියනගේ යන විද්වතුන් දේශන පැවැත්වීමට නියමිතය. දේශන මාලාව අවසානයේ විචාරාත්මක සංවාදයක් ද පැවැත්වෙයි. මාර්ටින් වික්‍රමසිංහ භාරකාර මණ්ඩලය, ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයන්ගේ සංගමය හා රුහුණ විශ්වවිද්‍යාලයීය ආදි විද්‍යාර්ථින්ගේ කොළඹ සංගමය මේ වැඩසටහන සඳහා අනුග්‍රාහකත්වය ලබා දෙයි.

මේ සම්භාෂණය සාහිත්‍යාභිලාෂී සහෘද ප්‍රජාවට විවෘතය. සූම් මෙවලම ඔස්සේ සම්මේලනයට සහභාගි වීමට අදාළ තොරතුරු සිංහල අධ්‍යයනාංශ ෆේස්බුක් ගිණුමෙන් ඉදිරි දිනවල දී ලබා ගත හැකිය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT