Sunday, May 19, 2024
Home » හොංකොං හි දී AIA APAC බැංකු රක්ෂණ සමුළුවක්

හොංකොං හි දී AIA APAC බැංකු රක්ෂණ සමුළුවක්

by gayan
January 18, 2024 1:00 am 0 comment
ඡායාරූප අංක 1 : වම සිට දකුණට - සේනක රාජපක්ෂ (අධ්‍යක්ෂ සහයෝගීතා බෙදාහැරීම් - AIA ශ්‍රී ලංකා), තිමල් පෙරේරා (ප්‍රධාන විධායක නිලධාරී - DFCC බැංකුව), චතුරි මුණවීර (ප්‍රධාන විධායක නිලධාරිනී - AIA ශ්‍රී ලංකා), ටැන් හක් ලේහ් (කලාපීය ප්‍රධාන විධායක නිලධාරී - AIA සමූහය), සංජය පෙරේරා (ජ්‍යෙෂ්ඨ සහකාර සභාපති - NDB බැංකුව)

හොංකොං හි දී නොබෝදා අති උත්කර්ෂවත් අයුරින් පවත්වන ලද AIA APAC බැංකු රක්ෂණ සමුළුව ඔස්සේ කලාපය පුරාවට විසිර සිටින ක්ෂේත්‍රයේ නායකත්ව කණ්ඩායම් වෙතින්, මූල්‍යමය සහයෝගීතාවයන්ගේ ඉදිරි අනාගත අවස්ථාවන් පිළිබඳව විමසා බලන ලදී. මේ සඳහා ශ්‍රී ලංකාව වෙනුවෙන් සහභාගී වෙමින් ඔවුන්ගේ වටිනා අදහස් දක්වා සිටි සම්භාවනීය අමුත්තන් අතර චතුරි මුණවීර (ප්‍රධාන

විධායක නිලධාරිනී – AIA ශ්‍රී ලංකා) සහ සේනක රාජපක්ෂ (අධ්‍යක්ෂ සහයෝගිතා බෙදාහැරීම්) තිමල් පෙරේරා (ප්‍රධාන විධායක නිලධාරී – DFCC බැංකුව) සහ සංජය පෙරේරා (ජ්‍යෙෂ්ඨ සහකාර සභාපති – NDB බැංකුව) යන මහත්ම මහත්මීන් විය.

‘අනාගත බැංකු රක්ෂණයේ පුරෝගාමීත්වය’ යන මැයෙන් පවත්වන ලද මෙම සමුළුව ඔස්සේ බැංකු රක්ෂණය ඉහළ තලයක් වෙත ගෙනයෑම සඳහා වූ කතිකාවතක් ගොඩනැඟීම අරමුණු විය. නව්‍ය, ලාභදායී මෙන්ම ඩිජිටල්කරණ තාක්ෂණයෙන් උසස් බැංකු රක්ෂණ මොඩල දියුණු කිරීමට බලාපොරොත්තු වන, බැංකු සඳහා විශ්වසනීය හවුල්කරුවකු වීම වැනි, AIA පිළිබඳ සුවිශේෂිත ශක්‍යතාවයන් මෙම සමුළුව පුරාවට ඉස්මතු කර දක්වන ලදී. මේ හා සම්බන්ධයෙන් පවත්වන ලද පළමු භෞතික රැස්වීම වූ මෙම අවස්ථාවට බැංකු ප්‍රධාන විධායක

නිලධාරීන් සහ ජ්‍යෙෂ්ඨ කළමනාකාරීත්වයේ සාමාජිකයින් ඇතුළු ඉහළ පෙළේ සාමාජිකයින් 100 දෙනෙකුට අධික පිරිසක් සහභාගී වූහ. මෙම සමුළුවේ පැවති විවිධ සැසිවාර, බැංකු රක්ෂණ සහයෝගිතාවය සහිත සමාගම් සඳහා එක ලෙස යහපත් ප්‍රතිලාභ සැලසෙන ක්‍රමෝපායන් නිර්මාණය කිරීම, ප්‍රමුඛ පෙළේ නවෝත්පාදනයන් තුළින් වාසි ලබා ගැනීම, නවතම තාක්ෂණය සහ විවිධ යෝජනා හඳුන්වා දී ක්‍රියාත්මක කිරීම, යන කරුණු සඳහා ඉහළ කැපවීමක් මෙන්ම උනන්දුවක් ඇති කිරීමට සමත් විය. ක්ෂේත්‍රය තුළ පුරෝගාමීන් එක්ව, පරිණාමනය වෙමින් [AIA – INTERNAL] පවතින මෙම ව්‍යාපාර වෙළෙඳ පොළ සඳහා මාර්ගෝපදේශ දක්වා සිටින අතර, AIA APAC බැංකු රක්ෂණ සමුළුව බැංකු රක්ෂණ සහයෝගීතාවයන් හි ඉදිරි අනාගතය හැඩගැස්වීම සඳහා ඉතා හොඳ අවස්ථාවක් ද විය.

මෙම සමුළුව ඇමතූ ප්‍රධාන කථිකයින්ගෙන් එක් අයෙකු වූයේ DFCC බැංකුවේ ප්‍රධාන විධායක නිලධාරී වන තිමල් පෙරේරා මහතායි. ඔහු එහි දී පැවති සාකච්ඡා මඬුල්ලේ සාමාජිකයෙක් වූ අතර, බැංකු රක්ෂණය පිළිබඳ බෙදාහැරීම් මොඩල සහ මෙම බෙදාහැරීම් ක්‍රියාවලිය සඳහා විවිධ නව්‍ය වූ අදහස් දක්වා සිටියේය.

 

 

 

 

 

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT