Sunday, May 19, 2024
Home » HOPE ක්‍රියාන්විතය හරහා යූනියන් ඇෂුවරන්ස් තවත් පියවරක් ඉදිරියට

HOPE ක්‍රියාන්විතය හරහා යූනියන් ඇෂුවරන්ස් තවත් පියවරක් ඉදිරියට

by gayan
January 18, 2024 1:00 am 0 comment

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ජීවිත රක්‍ෂණ සමාගම වන යූනියන් ඇෂුවරන්ස්, ජාතිය මුහුණ දෙන තීරණාත්මක අභියෝගවලට මුහුණ දීම සඳහා කැපවුණු HOPE ක්‍රියාන්විතය හරහා ප්‍රජා යහපැවැත්ම ශක්තිමත් කිරීමට සිය නොසැලෙන කැපවීම අඛණ්ඩව පවත්වාගෙන යයි. පිරිසිදු පානීය ජලය සහ සනීපාරක්ෂක නිෂ්පාදන සඳහා ප්‍රවේශය සහතික කිරීමේ හදිසි අවශ්‍යතාව හඳුනා ගනිමින්, පිරිසිදු පානීය ජලය සැපයීමට සහ පාසල් ළමුන්ට සනීපාරක්ෂක නිෂ්පාදන මිල දී ගැනීමට ඇති නොහැකියාව පිළිබඳ ගැටලු විසඳීම සඳහා යූනියන් ඇෂුවරන්ස් සමාගම ‘කටු කම්බි පදනම’ නමැති ලාභ නොලබන සංවිධානය සමඟ එක්ව සිටී.

මෙම වැඩසටහනේ පළමු අදියර ලෙස පොලොන්නරුව, අලුත්වැව මහා

විද්‍යාලයට නවීනතම ජල පෙරීමේ පද්ධතියක් ස්ථාපනය කර භාරදීමේ

ව්‍යාපෘතියක් ආරම්භ කෙරිණි. මෙම අදියර යටතේ පොලොන්නරුවේ

ලක්ෂඋයන විද්‍යාලය, හිඟුරක්දමන මහා විද්‍යාලය, ශාන්ති මහා විද්‍යාලය, කිරිමැටිය මහා විද්‍යාලය සහ විජයරාජ මහා විද්‍යාලය ඇතුළු තවත් පාසල් 5ක ජල පිරිපහදු යන්ත්‍ර සාර්ථකව ප්‍රතිසංස්කරණය කර භාර දීමට යූනියන් ඇෂුවරන්ස් සමාගම කටයුතු කළේය.

ඊට අමතරව, යූනියන් ඇෂුවරන්ස් සමාගම මාස 6ක කාලයක් සඳහා භාවිත කළ හැකි සනීපාරක්ෂක තුවා බෙදා දෙනු ලැබූ අතර, ඒ සමඟ පාසල් බෑග් සහ ටී-ෂර්ට් ද පිරිනමන ලදී. මෙම ඒකාබද්ධ ප්‍රයත්නයන් පොලොන්නරුවේ පාසල් සිසුන් 1000කට අධික පිරිසකගේ අධ්‍යාපන කටයුතුවලට ධනාත්මක ලෙස බලපා ඇත.

යූනියන් ඇෂුවරන්ස් සමාගමේ HOPE ක්‍රියාන්විතය හරහා ප්‍රජා යහපැවැත්ම ශක්තිමත් කිරීම ක්‍රමානුකූලව සිදුවෙමින් පැවතීම සැලකිය යුතු කරුණකි. 2022 වසරේදී යූනියන් ඇෂුවරන්ස් සමාගම, එහි කාර්ය මණ්ඩල සාමාජිකයින්ගේ නොමසුරු දායකත්වයෙන්, වෛද්‍ය උපකරණ හිඟ කාල පරිච්ඡේදයක රිජ්වේ ආර්යා ළමා රෝහලට අත්‍යවශ්‍ය ඖෂධ පරිත්‍යාග කරමින් සිය සහයෝගය ලබා දුන්නේය.

යූනියන් ඇෂුවරන්ස්හි ප්‍රධාන මහජන නිලධාරී ඉම්තියාස් අනිෆ් මහතා ප්‍රකාශ කළේ, ‘ජනතාව වෙනුවෙන් අපගේ තියෙන කැපවීම ආයතනික සීමාවෙන් ඔබ්බට විහිදෙනවා. HOPE ක්‍රියාන්විතය සමාජයේ සියලුම ස්ථරවල යහපැවැත්ම ශක්තිමත් කිරීමට අපගේ ඇති කැපවීම පෙන්නුම් කරනවා. අප දරන උත්සාහයේ ප්‍රතිඵලයක් විදියට ධනාත්මක වෙනස්කම් දකින විට, නොපසුබස්නා පෙලඹීමක් ඇති වෙනවා. මෙම කැපවීම අපේ ආචාර ධර්මවලට අත්‍යවශ්‍ය වන අතර, කල්පවතින වෙනසක් ඇති කිරීම සහ දිගු කාලීනව සමාජයේ අභිවෘද්ධිය සඳහා දායක වීම සම්බන්ධයෙන් අප තුළ ඇති විශ්වාසය පිළිබිඹු කරනවා’ යනුවෙනි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT