Sunday, May 19, 2024
Home » දේශීය ටින් මාළු, ධීවර කර්මාන්තය සුරැකීමට කඩිනම් පියවර ගන්න

දේශීය ටින් මාළු, ධීවර කර්මාන්තය සුරැකීමට කඩිනම් පියවර ගන්න

ටින් මාළු නිෂ්පාදකයින්ගේ සංගමයේ සභාපති ශිරාන් ප්‍රනාන්දු

by gayan
January 18, 2024 1:00 am 0 comment

රජය විසින් වැට් බද්දෙන් නිදහස් කොට තිබූ දේශීය නිෂ්පාදිත මාළු ටින් සඳහා වැට් බද්ද 18% අයකිරීමත් සමඟම ආනයනික ටින් මාළු සහ දේශීය කර්මාන්ත ශාලාවන් තුළ නිෂ්පාදිත මාළු ටින් අතර මිල පරතරයේ පැහැදිලි වෙනසක් සිදුවී ඇත.

දැනට වෙළෙඳ පොළෙහි ග්‍රෑම් 425ක් බරැති දේශීය නිෂ්පාදිත ටින් මාළු අලෙවි වන්නේ රුපියල් 690ක මිලකටයි. ඒ සඳහා වැට් බද්ද එක්වූ විට 815 ක් බවට පත් වෙයි.

ආනයනික මාළු ටින් සඳහා වැටි බද්ද අය නොවන අතර, ඒ සඳහා අය කරනු ලබන්නේ ටින් තුළ අන්තර්ගත මාළු 1Kg සඳහා රුපියල් 200ක මුදලකි. ඒ අනුව 425g බරැති එක් ටින් එකක අන්තර්ගත මාළු 300g සඳහා පමණයි බද්ද අය කරන්නේ. එසේ බැලූ කල ආනයනික එක් ටින් එකකින් රජයට අය වෙන්නේ රුපියල් 28ක් වැනි මුදලක්. මේ හේතුව නිසා විශාල මිල පරතරයක් ඇති වී තිබේ.

දිනකට 425g බරැති ටින් 250000ක් පමණ කොවිඩ් වසංගතයට පෙර මෙරට පරිභෝජනය වුවත් වත්මන් අවශ්‍යතාව 150000කි. එම අවශ්‍යතාව මෙන් දෙගුණයක් අපගේ කර්මාන්තශාලා තුළ නිෂ්පාදනය කිරීමේ හැකියාව තිබෙනවා. ජනවාරි පළමු වෙනිදාට පෙර මගේ සමාගම වන Tess පමණක් මිලදී ගත් දිනෙක මත්ස්‍ය අස්වැනන 20000 kg පමණ වුණා.

නමුත් මසුන් මිලදී ගැනීම මෙන්ම ටින් මාළු නිෂ්පාදනයත් මේ වන විට මුළුමනින්ම නවතා දැමීමට සිදු වී තිබෙනවා.

ටින් මාළු කර්මාන්තය හා ධීවර කර්මාන්තය එකට බැඳී තිබෙන කර්මාන්ත දෙකක්. මේ වන විට ධීවර කර්මාන්තයේ ප්‍රධාන කොටසක් කඩාවැටී අවසන්. දේශීය ටින මාළු නිෂ්පාදකයින් පවසන්නේ ආනයනික ටින් මාළු මෙන්ම දේශීය නිෂ්පාදන අතර මිල පරතරය සමතැනට පත් කිරීම සඳහා ආනයනික ටින් මාළු 1Kg ක් සඳහා රුපියල් 500ක විශේෂ බද්ද පැනවිය යුතු බවයි. එපමණක් නොවේ,

මේ වන විට සැප්තැම්බර් සිට නොවැම්බර් දක්වා කාලය තුළ ටින් මාළු මිලියන 19කට ආසන්න ප්‍රමාණයක් මෙරටට ආනයනය කර ඇති බවත් ඒ සියල්ල වෙළෙඳ පොළෙහි අඩු මිල ගණන් යටතේ පවතින බැවින්, දේශීය ටින් මාළු සහ ධීවර කර්මාන්තය විශාල වශයෙන් අනතුරට ලක්ව ඇති බවත් ඔහු පැවසීය. ඉදිරි මාස කිහිපය තුළ තවත් ටින් මාළු ටින් මිලියන 20 – 25ක් මෙරටට ගෙන්වීමට සැලසුම් කර ඇති බවට තොරතුරු ඇතැයි සඳහන් කරන ටින් මාළු නිෂ්පාදකයින්ගේ සංගමයේ සභාපති ශිරාන් ප්‍රනාන්දු ඉල්ලා සිටින්නේ මේ තත්ත්වයන් නිවැරැදි කිරීමට වගකිවයුතු පාර්ශ්ව වහා පියවර ගතයුතු බවයි.

 

 

බුද්ධිකා බ්‍රාහ්මණගේ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT