Saturday, May 10, 2025
Home » ජපානයේ සිට අමෙරිකාව බලා පියාසර කරද්දී බීමත් මගියකු ගු වන් සේවිකාවගේ අත සපා කාලා

ජපානයේ සිට අමෙරිකාව බලා පියාසර කරද්දී බීමත් මගියකු ගු වන් සේවිකාවගේ අත සපා කාලා

by sachintha
January 18, 2024 1:00 am 0 comment

ගුවන් යානය යළි ටෝකියෝ නුවරට

බීමත් මගියකු ගුවන් සේවිකාවකගේ අත සපා කෑම හේතුවෙන් ජපානයේ සිට අමෙරිකාව බලා පියාසර කිරීම ආරම්භ කළ ඕල් නිපෝන් ගුවන් සේවයට අයත් ගුවන් යානයක් ආපසු ටෝකියෝ නුවර ගුවන්තොටුපොළට ගොඩ බැස්වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. අමෙරිකානු ජාතිකයකු වන 55 හැවිරිදි එම මගියා අධික ලෙස බීමත්ව ගුවන් සේවිකාවගේ අත සපා කෑමෙන් ඇයට සුළු තුවාල සිදු වූ බවත් වැඩිදුරටත් වාර්තා වේ.

ටෝකියෝ නුවරට ගොඩබැස්වීමෙන් පසු එම මගියා පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබූ අතර, තමා නිදිපෙති පානය කර තිබූ බැවින් සිදු වූයේ කුමක්දැයි නොදන්නා බව පොලිසියට ප්‍රකාශ කර තිබේ.

මේ සිදුවීම වන විට එම ගුවන් යානය මගීන් 159 දෙනකු රැගෙන පැසිෆික් සාගරයට ඉහළින් පියාසර කරමින් තිබූ බව ද වාර්තා වේ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT