127
ශ්‍රී ලංකා පරිපාලන සේවයේ පළමු වන ශ්‍රේණියේ නිලධාරිනියක වන රවීන්ද්‍රා මාලනී මහත්මිය වැල්ලවාය ප්‍රාදේශීය මහ ලේකම් ධුරයේ පසුගියදා වැඩ භාරගනු ලැබීය. ඇය ඊට පෙර රබර් සංවර්ධන දෙපාර්තමේන්තුවේ රත්නපුර සහකාර අධ්‍යක්ෂවරිය ලෙස කටයුතු කර ඇත. මෙම අවස්ථාවට වැල්ලවාය වැඩබළන ප්‍රාදේශීය ලේකම් ලෙස කටයුතු කළ තණමල්විල ප්‍රාදේශීය ලේකම් කැලුම් නිශාන්ත මහතා ද සහභාගී විය.
ඌව වෙල්ලස්ස විශේෂ – ඩී. එස්. ගුණතිලක