ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ අනුග්‍රහය ඇතිව සංවිධාන කරන අවුරුදු 13න් පහළ දෙවැනි කොටසේ අන්තර් පාසල් ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගය අද (18) බම්බලපිටිය සාන්ත පීතර විදුහල් ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.
මේ තරගයේදී නිම්සර නෙතුනිල්ගේ නායකත්වයෙන් යුත් දෙබරවැව ජාතික පාසල සමඟින් රසිඳු රන්දිරගේ නායකත්වයෙන් යුත් කොළඹ රාජකීය විදුහල් ‘බී’ පිල ශූරතාව වෙනුවෙන් තරග වදියි.
පළමු වටයේදී තම කාණ්ඩයේ ශූරයන් ලෙස දෙවැනි වටයට සුදුසුකම් ලැබූ දෙබරවැව ජාතික පාසල එහිදී කොළඹ නාලන්දා ‘බී’ පිලත්, තෙවැනි
වටයේදී කොළඹ මහානාම විදුහල් ‘බී’ පිලත් පරදවමින් අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබීය. එම වටයේදී කටුනේරිය සාන්ත සෙබස්තියන් විදුහල පරාජය කළ දෙබරවැව පිල අවසන් පූර්ව වටයේදී කොළඹ ආනන්ද විදුහල් ‘බී’ පිල පරදවමින් අවසන් තරගයට සුදුසුකම් ලැබීය.
කොළඹ රාජකීය විද්‍යාල ‘බී’ පිල පළමු වටයේ දී තම කාණ්ඩයේ අනුශූරයන් ලෙසින් දෙවැනි වටයට එක්වූ අතර, එහිදී පොල්ගහවෙල සාන්ත බර්නදෙත් විදුහලත්, තෙවැනි වටයේදී පානදුර ලයිසියම් ජාත්‍යන්තර පාසලත් පරාජය කළ අතර, අර්ධ අවසන් පූර්ව වටයේදී හේනේගම මධ්‍ය මහා විදුහල සහ අවසන් පූර්ව වටයේදී කොළඹ ඩී.එස්. සේනානායක විදුහල් ‘බී’ පිල පරදවමින් අවසන් තරගයට එක්විය.
දෙබරවැව ජාතික පාසල් සංචිතය:
නිම්සර නෙතුනිල් (නායක), නෙතුන් පතිරණගේ (උපනායක), මානුක බාතුල, ඉඳුවර ගජවීර, සකිත් මානිත, එන්.එම්. ගජනායක, ලක්විදු ප්‍රේමරත්න, දිනුජ සස්මිර, දිදුන නෙත්සර, ෂෙහාන් රශ්මික, ජනිඳු ඩිල්ෂාන්, නෙලින් නූපේආරච්චි, නිම්සර අනුහස්, දිදුල නෙත්සර, දිනුර තිසුලක, මානක බිඟුසර, තෙසදු සිතුමික, සත්සර ජයවීර, සිළුන දින්හස්, තේෂාන් නිම්සර, දිනේෂ් තුලිත මහතා (කණ්ඩායම් භාර ආචාර්ය), ගීත් සමීර මහතා (පුහුණුකරු). එම්.ජී.එන්.කේ. ජයන්ත මහතා (සම්බන්ධීකාරක).
රාජකීය ‘බී’ සංචිතය:
රසිඳු රන්දිර (නායක), දෂේන් දාරියෝ (උපනායක), තලාල් කමිල්, උෂේන් තුඩුගල, හර්ෂල් ඩෑන්, දුල්න නිම්නාල්, විනුක කොඩිතුවක්කු, විශ්මිද ප්‍රනාන්දු, නිම්සර ද සිල්වා, ඇන්ස්ලම් අන්තෝනිපිල්ලේ, චානුග විජේරත්න, චවෙත් ද සිල්වා, ජුලන් ඉළුක්කුඹුර, හිරුක ගුණරත්න, හිරුජ ගුණරත්න, තිනුග රිත්නුක, සිතුක මද්දුමආරච්චි, බිනෝජ් තිලංක, ශෂිඳු හිරුෂාන්, ඩී.එම්. ඩී.එම්. දිසානායක මහතා (කණ්ඩායම් භාර ආචාර්ය), රෂාන් පීරිස් මහතා (ප්‍රධාන පුහුණුකරු), සඳරුවන් ප්‍රනාන්දු මහතා (සහාය පුහුණුකරු), වසන්ත සතරසිංහ මහතා (සහාය පුහුණුකරු), නිකිල් ප්‍රනාන්දු මහතා (සහාය පුහුණුකරු), ඔසඳ ෆොන්සේකා මහතා (සහාය පුහුණුකරු), සේනක මල්ලවාරච්චි මහතා (සහාය පුහුණුකරු).
ඉෂානි යද්දෙහි