Saturday, May 18, 2024
Home » සනත් නිශාන්තගේ පුරප්පාඩුව මැතිවරණ කොමිසමට දන්වයි

සනත් නිශාන්තගේ පුරප්පාඩුව මැතිවරණ කොමිසමට දන්වයි

by chanaka
January 26, 2024 3:37 pm 0 comment

සනත් නිශාන්ත මහතාගේ අභාවය නිසා පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයක පුරප්පාඩුවක් පවතින බව පාර්ලිමේන්තුව මැතිවරණ කොමිෂන් සභාවට දන්වයි.

පුත්තලම මැතිවරණ කොට්ඨාශයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සනත් නිශාන්ත මහතාගේ මිය යාම හේතුකොට ගෙන 2024 ජනවාරි 25 වැනි දින සිට නව වැනි පාර්ලිමේන්තුවේ මන්ත්‍රීධුරයක පුරප්පාඩුවක් ඇති වී තිබෙන බව පාර්ලිමේන්තුවේ මහලේකම් වෙනුවෙන්, පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහ ලේකම් සහ කාර්ය මණ්ඩල ප්‍රධානී චමින්ද කුලරත්න මහතා මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා වෙත ලිපියක් යොමු කරමින් දන්වා තිබේ.

1981 අංක 1 දරන පාර්ලිමේන්තු මැතිවරණ පනතේ 64(1) වගන්තිය ප්‍රකාරව පාර්ලිමේන්තුවේ මහලේකම් වෙනුවට මෙම දැනුම් දීම සිදුකරන බවද එම ලිපිය මගින් නියෝජ්‍ය මහ ලේකම්වරයා දන්වා ඇත.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT