Home » ප්‍රංශ ජනපති චීන විදේශ ඇමති හමුවෙයි

ප්‍රංශ ජනපති චීන විදේශ ඇමති හමුවෙයි

by chanaka
February 21, 2024 4:36 pm 0 comment

ප්‍රංශ ජනාධිපති එම්මානුවෙල් මැක්‍රොන් මහතා, පැරිස් නුවර සංචාරයක් සඳහා පැමිණි චීන විදේශ ඇමති වං යී මහතා හමුවෙයි. එම හමුව ඊයේ (20) පැවැත්විණ.

චීන-ප්‍රංශ රාජ්‍යතාන්ත්‍රික සම්බන්ධතාවන් හි 60 වැනි සංවත්සරය මේ වසරට යෙදී ඇත. ගෙවුණු දශක හයේ ද්විපාර්ශ්වික සම්බන්ධතා සම්පිණ්ඩනය කර, මීළඟ වසර 60 සඳහා නිසි සැලැස්මක් සකස් කළ යුතු බව වං යී මහතා එහිදී කියා සිටියේ ය. යහපත් මට්ටමක පවතින චීන- ප්‍රංශ සහයෝගිතාවයෙන් දෙරට ජනතාවට සුබසෙත උදා වී තිබේ. එසේම ඉදිරියේ දී චීනය, ප්‍රංශය ඇතුළු රටවල් රැසකට තම වෙළඳපොළ විවෘත කරනු ඇත. එසේම, ප්‍රංශයේ ආයෝජනය කර ඇති චීන ව්‍යවසායන් සඳහා සාධාරණ ව්‍යාපාරික පරිසරයක් එරට නිර්මාණය කෙරෙනු ඇති බවට ද වං යී මහතා විශ්වාසය පළකළේ ය.

ප්‍රංශ-චීන උපායමාර්ගික සංවාදය මගින් වඩාත් ශක්තිමත් ද්විපාර්ශ්වික සම්බන්ධතා ගොඩනැගීමට අපේක්ෂා කරන බව එම්මානුවෙල් මැක්‍රොන් මහතා එහිදී පැවසීය. මේ යටතේ චීනය සමග එක්ව ඉහළ පෙළේ හුවමාරු වැඩසටහන් ක්‍රියාවට නැංවීමට ප්‍රංශය සූදානමින් සිටින බව ද හෙතෙම කියාසිටියේය.

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT