Tuesday, May 21, 2024
Home » සෝලා සවි කරන්න ගිය සේවකයා වහලෙන් වැටී මරු දකී

සෝලා සවි කරන්න ගිය සේවකයා වහලෙන් වැටී මරු දකී

by sachintha
February 26, 2024 1:00 am 0 comment

සෝලා පැනලයක් සවි කිරීමට ගොස් අඩි 25 ක් පමණ උස වහලයකින් බිමට ඇද වැටී එක්දරු පියකු මිය ගොස් ඇති බව පානදුර උතුර පොලිසිය පවසයි.

කුලියාපිටිය, ඉලුක්හේන ප්‍රදේශයේ පදිංචිව සිටී එම්. සඳුන් ධනංජය නමැති 26 හැවිරිදි එක්දරු පියකු මෙලෙස මියගොස් ඇත. මියගොස් ඇති තැනැත්තා සෝලා පැනල් සවි කරන ආයතනයක උප කොන්ත්‍රාත්කරුවකු ලෙසින් සේවය කරන අතර, පෙරේදා (24) දහවල් පානදුර පල්ලිමුල්ල සාවියා පාර ප්‍රදේශයේ ගොඩනැඟිල්ලක සෝලා පැනලයක් සවි කිරීමට වහලයට නැඟ සිටියදී සෙවිලි තහඩුවක් ගැලවීමෙන් බිම ඇද වැටී ඇති බවට තොරතුරු ලැබී ඇතැයි ද පොලිසිය සඳහන් කළේය.

බරපතළ තුවාල ලබා සිටි තැනැත්තා පානදුර මූලික රෝහලට රැගෙන ගොස් ඇති බවත් රෝහල්ගත කිරීමේදී මියගොස් ඇති බවත් රෝහල් ආරංචි මාර්ග සඳහන් කළේය. පානදුර කොට්ඨාස අපරාධ ස්ථාන පරීක්ෂණාගාර නිලධාරින්ද පරීක්ෂණ සිදු කරන ලදී. පානදුර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි සමන්ත වෙදගේ, සහකාර පොලිස් අධිකාරි නිශාන්ත සේනාරත්න යන මහත්වරුන්ගේ උපදෙස් පරිදි ස්ථානාධිපති (වැ.බ.) හිරන්ත තිලකරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පරීක්ෂණ පවත්වති.

පොතුපිටිය සුමිත් ප්‍රේමතිලක

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT