මදුරාවල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ 632 කඳන උතුර ග්‍රාම නිලධාරී වසමේ ඉදි කරන ලද නිල සෙවන කාර්යාලය විවෘත කිරීම හා රාජ්‍ය සේවය ගමට ගෙන යාමේ නිල මෙහෙවර ව්‍යාපෘතියේ සමාරම්භක උත්සවය පසුගියදා කළුතර දිස්ත්‍රික් ලේකම් ගිණිගේ ප්‍රසන්න ජනක කුමාර මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණි.
ප්‍රාදේශීය ලේකම් සිතාරි උදයංගනී මහත්මියගේ උපදෙස් සහ මඟ පෙන්වීම මත මෙම උත්සවය සංවිධානය කර තිබූ අතර නිල සෙවන කාර්යාල භූමිය තුළ ඖෂධීය වටිනාකමින් යුතු ඔසු පැළ රෝපණය කිරීම, කොට්ඨාසයේ නව ව්‍යවසායකයින් නඟා සිටීමේ අරමුණින් නව ව්‍යාපාර ලියාපදිංචි සහතික පත් ලබාදීම, ගර්භිණී මවුවරුන් සඳහා වියළි ආහාර මලු බෙදා දීම ආදී වැඩසටහන් කීපයක්ම මෙහිදී පැවැත්වුණි.
මේ සඳහා අනුග්‍රාහකත්වය ලබාදෙන ලද්දේ හොරණ කරුණා භාරය පදනම විසිනි. මෙම අවස්ථාව සඳහා සහකාර ප්‍රාදේශීය ලේකම් සමාධි හිරිමුතුගොඩ මහත්මිය, නියෝජ්‍ය අධ්‍යක්ෂ සැලසුම් කේ. ඉන්ද්‍රාණී මහත්මිය, සහකාර අධ්‍යක්ෂ ආර්. බණ්ඩාර මහතා, පරිපාලන ග්‍රාම නිලධාරී එම්. සෝමරත්න මහතා ඇතුළු මදුරාවල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ කාර්ය මණ්ඩලය සහ ප්‍රදේශවාසීහු රැසක් එක්ව සිටියහ.
අඟුරුවාතොට සමූහ – මංගල ප්‍රසන්න