100
අම්බලන්ගොඩ කලාප අධ්‍යාපන කාර්යාල බල ප්‍රදේශයට අයත්, මාදම්පේ කුමාර කාශ්‍යප විද්‍යාලයේ ඉගෙනුම ලබන සිසු දරු දැරියන්ගේ මවුපියන්ගේ මානසික සෞඛ්‍ය, පෝෂණය සහ බෝ නොවන රෝගවලින් ආරක්ෂා වීම පිළිබඳ ඔවුන් දැනුම්වත් කිරීමේ වැඩසටහනක් මාදම්පාගම කුමාර කාශ්‍යප විද්‍යාලයේදී ඉකුත් 23 වැනිදා පැවැත්විණ.
මාදම්පාගම මහජන සෞඛ්‍ය පරීක්ෂක නලීන් දේශප්‍රිය මහතා සංවිධානය කරන ලද මෙම වැඩසටහනේදී දේශනය මෙහෙයවනු ලැබුවේ මාදම්පාගම ප්‍රාදේශීය රෝහලේ වෛද්‍ය තුශංගා සේනාසිංහ මහත්මිය විසිනි.
අම්බලන්ගොඩ සමූහ – ආර්. ඤාණදාස