පුරාවස්තු සුරැකීමේ සංවිධානයේ සභාපති උඩස්ගිරිය සමිත හිමියෝ කියති
ථූපාරාම භූමියේ ගොඩනැඟිලි හදන්න අවසර නැහැ -පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව
ථූපාරාම පුරාවිද්‍යා භූමියේ කිසිදු ගොඩනැඟිල්ලක් ඉදිකිරීම සඳහා අවසර ලබා දී නොමැති බව මේ සම්බන්ධයෙන් කළ විමසුමකදී එහි වගකිවයුතු නිලධාරියකු සිය අනන්‍යතාව ප්‍රසිද්ධ නොකරන ලෙස ඉල්ලමින් දිනමිණ කළ විමසීමේදී පැවසීය.
ථූපාරාම ඓතිහාසික පුරාවිද්‍යා භූමියේ මීටර් දෙසීයක සීමාව තුළ විශාල ප්‍රමාණයේ ගොඩනැඟිලි තුනක් ඉදිකිරීම සඳහා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ වාස්තු විද්‍යා අංශය අවසර දීම නිසා ඓතිහාසික උරුමයන්ට විශාල හානියක් සිදු වන බව පුරාවස්තු සුරැකීමේ සංවිධානයේ සභාපති උඩස්ගිරිය සමිත හිමියෝ සඳහන් කළහ.
උන්වහන්සේ මේ බව පැවසුවේ බටලීය ප්‍රධාන කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදීය.
සමිත හිමියෝ තවදුරටත් මෙසේ ද පැවසූහ.
කිසිසේත්ම මෙවැනි ගොඩනැඟිලි ඉදිකිරීම් සඳහා පුරාවිද්‍යා පනත යටතේ අවසර දෙන්නට බලයක් නැහැ . එසේ තිබිය දී නීතිය පසෙකලා ඉදිකිරීම සඳහා අවසර ලබා දී තිබෙනවා. ඇතැම් ගොඩනැඟිලි තට්ටු දෙකකින් යුක්ත හෝටලයකට සමානයි. මෙවැනි අවසරයක් ලබා දෙන්න පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල්වරයාටත් නීතියෙන් බලයක් නැහැ. මෙවැනි සංවර්ධන කටයුතු කරන්න කලින් රටේ පවතින නීතියට අනුව පුරාවිද්‍යා හානි ඇගයීම් වාර්තාවක් ගත යුතුයි. එවැනි වාර්තාවකුත් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව අරන් නැහැ. මේ අයුරින් ගොඩනැඟිලි තනන්නට අවසර ලබා දීම නීති විරෝධීයි.
මේ සම්බන්ධයෙන් අනුමැතිය ලබා දුන් වාස්තු විද්‍යා අංශයේ ප්‍රසන්න රත්නායක මහතාගෙන් මෙවැනි අවසරයක් ලබා දුන්නේ කෙසේද කියා මම විමසුවා.
පුරාවිද්‍යා ආඥා පනත කොපමණ බලවත් වුණත් එය ක්‍රියාත්මක කරන නිලධාරීන්ට ස්වාධීනව කටයුතු කිරීමට ඉහළ සිටින යම් යම් උදවිය බලපෑම් කරනවා නම් පුරාවිද්‍යා ස්ථාන ආරක්ෂා වන්නේ කෙසේ දැයි කියන සාධාරණ සැකය අපට තියෙනවා. සංස්කෘතික හා බුද්ධ ශාසන කටයුතු ඇමැති විදුර වික්‍රමනායක මහතාගෙන්ද මම මේ ගැන විමසීමක් කළා. එහි දී මට දැන ගන්නට ලැබුණේ ඔහුට මේ ගැන හරි අවබෝධයක් නැති බවයි.
තවමත් සම්පූර්ණ භූමියම කැණීම් කොට ඓතිහාසික තොරතුරු සොයාගෙන නැහැ. ගොඩනැඟිලි හදන මෙම ස්ථානයේ සිට මීටර් 600ක ආසන්නයෙන් ඇති නුවර කලාපයේ හිටපු පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය සිරාන් දැරණියගල මහතා කැණීම් කීපයක් සිදු කොට තිබුණා. එහිදී ඔහු සඳහන් කරනවා ක්‍රිස්තු පූර්ව 04 -06 සියවස්වලට අයිති ඉතා දියුණු පූර්ව ඓතිහාසික නාගරික ලක්ෂණ පෙන්නුම් කරන ශිෂ්ටාචාරයක් තිබුණු බව. මෙම ශිෂ්ටාචාරය ථූපාරාම භූමි ප්‍රදේශය ඇතුළත්ව අක්කර තුන්සීයක භූමියක විසිරී පැතිරී තිබෙන බව දැරණියගල මහතාගේ එම කැණීම්වලින් තහවුරු කොට තිබෙනවා. කැණීම්වලදී හමුවන බ්‍රාහ්මී අක්ෂර සහිත වළංකටු කැබලි මේවා බුදුන් වහන්සේ ජීවමාන සමාන කාලයට අයත් වන බව දැරණියගල මහතා සඳහන් කරනවා. මෙම ඓතිහාසික නගරයේ නටබුන් මතුපිට පස්තට්ටුවේ සිට අඩි තිහක් පමණ ගැඹුරට තිබෙන බව ඔහු සඳහන් කරනවා.
ගොඩනැඟිලි ඉදි කරන මෙම භූමියේ ශිෂ්ටාචාර දෙකකට අයත් නටබුන් තිබෙනවා. බුදු දහම ලක්දිවට හඳුන්වා දීමෙන් පසු ලංකාවේ ඉදිවන ප්‍රථම චෛත්‍යය ථූපාරාම දාගැබ ඉදිවෙන්නෙත් මේ භූමියේමයි. එතැන් සිට අනුරාධපුර මෙන්ම පොලොන්නරු රාජ්‍ය සමයට අයත් අපේ රජ දරුවන් විවිධ වෙහෙර විහාර ඇතුළු ඉදිකිරීම් සිද්ධ කළ බව මහාවංශයේ සඳහන් කරනවා. මේ ආකාරයට බුදු දහම පැමිණීමට පෙර පැවති ශිෂ්ටාචාරයත් බුදු දහම පැමිණීමෙන් පසුව ගොඩනැඟුණු ශිෂ්ටාචාරයත් තැන්පත් වෙලා තිබෙනවා. මෙම භූමිය කියා නිම කළ නොහැකි ඓතිහාසික වටිනාකමින් යුතු ඉතා වටිනා භූමියක්. ජාතිය සතු මේ වටිනා භූමිය ලෝක උරුමයක් බවට යුෙනස්කෝ සංවිධානය නම් කර තිබෙනවා.
මෙහෙම ගියොත් මේ වටිනා භූමියේ කැණීම් කොට ඓතිහාසික තොරතුරු සොයා ගැනීමට භූමියක් ඉතිරි වන්නේ නැහැ. විශාල ප්‍රමාණයේ ඉදි වුණ ගොඩනැඟිලි විතරක්ම බලන්න පුළුවන් වේවි.
කොටදෙණියාව සමූහ – එම්. පුෂ්පකුමාර