Home » ලංකාව බංගලි හමුවේ එක්දින තරගාවලිය පරාජයට පත්වෙයි

ලංකාව බංගලි හමුවේ එක්දින තරගාවලිය පරාජයට පත්වෙයි

by chanaka
March 18, 2024 7:18 pm 0 comment

ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශ කණ්ඩායම් අතර අද(18) පැවැති අවසන් එක්දින ක්‍රිකට් තරගය කඩුලු 4කින් ජය ගැනීමට බංග්ලාදේශ කණ්ඩායම සමත් විය.

තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේ සියලුදෙනා දැවී රැස් කර ගත හැකි වුයේ ලකුණු 235ක් පමණි.

අනතුරුව ලකුණු 236ක ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි බංග්ලාදේශ කණ්ඩායම පන්දුවාර 40යි පන්දු 02ක් අවසානයේ කඩුලු 06ක් දැවී ලකුණු 237ක් ලබා ගත්තේය.

ඒ අනුව තරග 03 කින් සමන්විත එක්දින තරගාවලිය 2ට 1ක් ලෙස ජය ගැනීමට බංග්ලාදේශ කණ්ඩායම සමත් විය.

තරගයේ වීරයා රිෂාඩ් හොසේන් වන අතර තරගාවලියේ වීරයා බංග්ලාදේශ නායක නජ්මුල් හොසේන් වේ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT