762
දක්ෂණ අධිවේගී මාර්ගයේ සිදුවූ අනතුරකින් 21 හැවිරිදි තරුණයෙක් ජීවිතක්ෂයට පත්ව තිබේ.
අද (19) අලුයම එම අනතුර සිදුව තිබුණේ දක්ෂිණ අධිවේගී මාර්ගයේ කිලෝමීටර් 45.2R හා 45.3R කණු අතරදී බව පොලිසිය පවසයි.
මත්තල දෙස සිට කොට්ටාව දෙසට ධාවනය වූ වෑන් රථයක් එම දිශාවටම ඉදිරියෙන් ධාවනයවූ කන්ටේනර් රථයක පිටුපස ගැටී එම අනතුර සිදුව ඇත.
අනතුරින් වෑන් රථයේ ගමන්කළ පුද්ගලයින් දෙදෙනෙකු තුවාල ලබා නාගොඩ රෝහලට ඇතුළත් කිරීමේදී එක් තරුණයෙක් මියගොස් ඇතැයි පොලිසිය සදහන් කරයි.
එසේ මියගොස් ඇත්තේ, නාගොඩ, ගාල්ල ප්රදේශයේ පදිංචි 21 හැවිරිදි තරුණයෙකි.
සිද්ධිය සම්බන්ධයෙන් අධිවේගී මාර්ග සංචාරක පොලිස් කොට්ඨාසය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.